චාමර සම්පත් ලංකාවේ චැනල් අයි පතුරු ගහයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් 4 නාලිකාව නිකුත් කළ වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් ඊයේ (6) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක් ඇති වුණා.

එහි දී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා නම මාරු වී චැනල් 4 නාලිකාවට චැනල් අයි ලෙස කිහිප වතාවක් සඳහන් කරනු දක්නට ලැබුණා.

ඔහු එහි දී සඳහන් කළේ චැනල් අයි නාලිකාවට රාජපක්ෂවරු සමඟ යුද්ධය පැවති කාලයේ සිට තරහක් තිබූ බවයි.

ඔහු මෙසේ දිගින් දිගටම චැනල් 4 වෙනුවට චැනල් අයි යන්න භාවිත කළා.

කිහිප වතාවක් එසේ වැරැද්ද වීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු එය පෙන්වා දුන් අතර ඔහු සමාවගෙන එය නිවැරදි කර ගැනීමට කටයුතු කර තිබුණා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...