පාසැල් සිසුන් ගිනි අව්වේ හෙල්මට් දාගෙන, කුඩ ඉහලගෙන විභාගය ලියයි..

කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියන් හට 13 දින පාසල් පංති කාමයෙන් එපිට එලිමහනේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් සිසුවියන් දැඩි පීඩාවන්ට පත්වූහ.

සිසුවියන්ට පංති කාමරයක් නොලැබීම හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලේ මිදුලේ විභාගය ලිවීමට සිදුව තිබූ අතර එහිදී පැවති අධික අව් රශ්මිය හේතුවෙන් සිසුවියන් දැඩි පීඩාවන්ට පත්වූහ. එහිදී ඇතම් සිසුවියන් විසින් අව් රශ්මිය ඉවසාගත නොහැකි වීමෙන් යතුරුපැදි හෙල්මට් සහ කුඩ ඉහලාගෙන විභාගයට පෙනී සිටි අයුරු දැකගත හැකි විය.

මෙලෙස සිසුවියන් එලිමහනේ විභාගය ලිවීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ දෙමාපියන්ද දැඩි අපහසුතාවයන්ට පත්වූ බවටත් එලිමහනේ මෙලෙස විභාගය ලිවීමට සිදුව ඇත්තේ පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය අතර ඇති වූ මත ගැටුමක් බවටද සිසුවියන්ගේ දෙමාපියන් පවසා සිටියහ.

එමෙන්ම විභාගය පැවත්වීමට පහසුකම් ඇති ශාලාවක් මෙන්ම පංති කාමරයක් තිබියදී තම තරුවන් මෙලෙස දැඩි අව් රශ්මියේ විභාගය ලිවීම ඉතා ඛේදනීය තත්වයක් බවටත් පාසලේ විදුහල්පති මෙයට වගකිව යුතු බවටද දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියහ.

  • – වන්නි රොමේෂ් මධුෂංඛ

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...