ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලා ගන්න මධ්‍යස්ථානයක්

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කලේ, ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අදාළ මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා කටයුතු සකස්කරන බවද අමාත්‍යවරිය සඳහන් කළා.

එමෙන්ම අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද එතුමිය සඳහන් කරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කලේ,

“තනි මවකට පුළුවන් වෙන්න ඕනි දරුවෙක් හදා ගන්න. ලෝකයේ අනිත් රටවල කාන්තාවකට දරුවෙක් ලැබෙන්න ආවා කියලා දරුවා අනාත වෙන්නේ නැහැ. දරුවාට කිරි දෙනතුරු රැක බලා ගන්න තියෙනවා, ඊට පස්සේ ඩේ කෙයාර් සෙන්ටර් තියෙනවා. දරුවා ඩේ කෙයාර් දානවා.මව ජොබ් එකට යනවා. ඒ විදියට ඇති දැඩි වෙච්ච දරුවෝ ඕනි තරම් ඉන්නවා. ඒක කිසිම අපහාසයට කාරණයක් නෙමෙයි.ලංකාවේ වගේ අහන්නේ නෑ ඕගොල්ලෝ බැඳලද ? උප්පැන්නේ තාත්තාගේ නම දාලද ? විවාහ වෙන්න ඕනිම කියන්නෙම පටු සිතුවිල්ලක්. එවැනි ජරා සමාජමය ප්‍රහාර නිසා තමයි මෙවැනි දේවල් වෙන්නේ. හැමවෙලාවෙම අපි මිනිස්සුන්ගේ මේ වගේ ආකල්ප නැති කරන්න ඕනි. ගැහැනියකට තමන්ගේ දරුවාව තනියම හදා ගන්න පුළුවන් වෙන්න ඕනි. නාවලපිටිය දුම්රියේ ඒ කාන්තාව ගැහි ගැහි කිව්වේ ගෙදර යන්න බැහැ කියලා මේ කාරණය තමයි. දරුවාව භාර දීමට තැනක් තිබුනානම් ඇයට වැසිකිළියේ දරුවා දාලා යන්න වෙන්නේ නැහැ.කොළඹ තියනවා, ද සොයිසා කාන්තා රෝහල. ඒ වැනි රෝහල් තුල තමන්ගේ අසරණභාවය කියලා දරුවා භාර දෙන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම් හොඳයි.” යනුවෙන්.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!