‘අඛණ්ඩ වැඩ වර්ජනය’ අත්හිටුවයි..

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (15) දීපව්‍යාප්තව සංවිධානය කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

අද දින දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්‍යාලයට රැස්වූ වරාය, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති හතළිහක් අතර දැඩි වාද විවාද මැද පැවැති සාකච්ඡාව අවසානයේ දී මෙම තීරණයට එළැඹ ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට සහය නොදෙන බව සාකච්ඡාව ආරම්භයේදීම ප්‍රකාශ කර තිබේ.

එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි ස්ථාවරයක පිහිටා අදහස් දක්වා ඇති අතර අනෙකුත් වෘත්තීය සමිති සියල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය අනුගමනය කරමින් අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට එකඟත්වය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා විදුලිබල මණ්ඩල සේවක සංගමය ද පොදු තීරණයට අවනත වෙමින්, අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියා මාර්ගයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Latest News

More like this

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...
error: Content is protected !!