ඡන්දපළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතට! රජයේ වාහන වහාම බාර දෙන්න..

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන හෙයින් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් පාවිච්චි කරන වාහන ඇතුළු සියලුම රජයේ දේපළ අදාල ආයතනවලට එදිනට පෙර බාර දෙන්නැයි දැනුම්දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට හෝ නිකුත් නොකර වෙනම තබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම වාහන අවභාවිත වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන්ට අමුතුවෙන් වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුවනු ඇතැයිද ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතයි.

නිල කාලය ලබන 19 වැනිදායින් අවසන්වීමෙන් පසු සියලුම පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළා.

ලබන 19 වැනිදා නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක්. එයට නගර සභා,මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත්.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...