‘අඛණ්ඩ වැඩ වර්ජනය’ අත්හිටුවයි..

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (15) දීපව්‍යාප්තව සංවිධානය කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

අද දින දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්‍යාලයට රැස්වූ වරාය, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති හතළිහක් අතර දැඩි වාද විවාද මැද පැවැති සාකච්ඡාව අවසානයේ දී මෙම තීරණයට එළැඹ ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට සහය නොදෙන බව සාකච්ඡාව ආරම්භයේදීම ප්‍රකාශ කර තිබේ.

එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි ස්ථාවරයක පිහිටා අදහස් දක්වා ඇති අතර අනෙකුත් වෘත්තීය සමිති සියල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය අනුගමනය කරමින් අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට එකඟත්වය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා විදුලිබල මණ්ඩල සේවක සංගමය ද පොදු තීරණයට අවනත වෙමින්, අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියා මාර්ගයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...