මොරොක්කෝවේ භූමිකම්පාවට මිනිත්තු කිහිපයකට කලින් උපත ලැබූ බිළිඳිය පාරේ

මේ වන විටත් 2100 කට අධික පිරිසක් මියගොස් ඇති බවට වාර්තා වන වන මොරොක්කොවේ භූමිකම්පාව සිදු වීමට මිනිත්තු කිහිපයකට පෙර උපත ලද බිළිඳියක් ඇගේ පළමු නිවහන ලෙස කූඩාරමකට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වාර්තාවන ආකාරයට තවමත් නමක් වත් නොමැති බිළිඳිය උපත ලැබූ මරකේෂ් හි රෝහලට ද භූමිකම්පාව හේතුවෙන් දැඩි හානි සිදු වුණා.

සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවේ මාරාන්තික භූමිකම්පාවට මිනිත්තු කිහිපයකට පෙර ඇය උපත ලද බවයි සඳහන් වෙන්නේ.

ඉක්මන් පරීක්ෂාවකින් පසු, උපතින් පැය තුනකට පසුව පිටත්ව යන ලෙස රෝහල් බලධාරීන් ඔවුන්ට පවසා තිබුණා.

ඔවුන්ගේ අලුත උපන් දරුවා සමඟ, කදීජා සහ ඇගේ සැමියා සෙනසුරාදා හිමිදිරියේ කුලී රථයකින් මරකේෂ් සිට කිලෝමීටර් 65 ක් (සැතපුම් 40) පමණ දුරින් පිහිටි ඇට්ලස් කඳුකරයේ ටැඩාර්ට් හි පිහිටි ඔවුන්ගේ නිවසට යාමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී ඇති බව පැවසෙනවා.

එතැන් සිට මේ පවුල ජීවත් වන්නේ ප්‍රධාන පාර අයිනේ කූඩාරමක බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...