පසුගිය 7 වෙනිදා තිරගතවීම ඇරඹුණු ෂාරුක් ඛාන් ගේ Jawan චිත්‍රපටය පළමු සතියේ දින 5 තුළ වාර්තාගත ආදායමක් ඉපයීමට සමත් ව තිබෙනවා. එය ලොව පුරා හොඳම අදායම් ඉපයූ බොලිවුඩ් චිත්‍රපට 10 අතරට ඇතුළු වී ඇත්තේ දින 4 ක් තුළ දිල්වාලේ චිත්‍රපටය ජීවිත කාලය තුළ ඉපයූ ආදායම අභිබවා යමින්.
පළමු දින 4 තුළ, Jawan පෙර නොවූ විරූ ලෙස ලොව පුරා බොක්ස් ඔෆිස් හි කෝටි 520.79 ක දළ ආදායමක් උපයා ඇති බවයි වාර්තා පවසන්නේ. මෙයින් කෝටි 183.13 ක දළ ආදායමක් විදෙස් රටවලින් වන අතර එය ලොව පුරා පළමු දින ආදායම ඉන්දියන් රුපියල් කෝටි 129.6ක් උපයාගෙන තිබෙනවා.
ලොව වැඩිම ආදායමක් ලැබූ බොලිවුඩ් චිත්‍රපට 10 අතර ෂාරුක් ඛාන්ගේම Dilwale 10 වන ස්ථානයට පත් කරමින් එම ලයිස්තුවේ 9 වෙනි ස්ථානයට Jawan පැමිණීම විශේෂත්වයක්.
විදේශයන්හි බොලිවුඩයේ ඉහළම ආදායම් ලබන චිත්‍රපට 10 මෙන්න.
Dangal – දළ ආදායම කෝටි 1435 කි
Secret Super Star – දළ ආදායම කෝටි 822.92 කි
Bajrangi Bhaijaan – දළ ආදායම කෝටි 482.54
Pathan – දළ වශයෙන් කෝටි 402.52 (අදියර 1 පමණි)
Andhadhum – දළ ආදායම කෝටි 361 කි
PK – දළ වශයෙන් කෝටි 342.50
Dhoom 3 – 229 කෝටි
Hindi Medium – දළ ආදායම කෝටි 205.21 කි
Jawan – දළ ආදායම කෝටි 183.13 කි
Dilwale- දළ ආදායම කෝටි 180.09 කි