දුම්රිය ස්ථානවලට හමුදාව කැඳවයි..

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ඊයේ(12) දින සිට ආරක්ෂාව සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට අනෙකුත් දුම්රිය ස්ථානවලට ද ආරක්ෂක අංශ යෙදවු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

අඛණ්ඩ වැඩවර්ජන ක‍්‍රියාමාර්ගය මධ්‍යයේ රාජකාරියේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය එන්ජින් මෙහෙයුම් ඉංජිනේරුවරුන් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

බඳවා ගැනීමේ ක‍්‍රියාවලියට සංශෝධන සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳුදා (11) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනය දියත් කර තිබූ අතර ඒවා වසර පහකට ආසන්න කාලයක් ප‍්‍රමාද වී ඇති බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර සියයකට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබූ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූ අතර ඊයේ(12) දිනයේ ඇතැම් දුම්රිය ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති විය.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...