ජැක්සන් ගැන අවසන් තීරණයකට පවුලේ සාමාජිකයින් එකඟ වේ..

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 500කට වැඩි කාලයක් තිස්සේ රදවා සිටින ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රෝහල් බලධාරීන් සූදානම් වන බව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව තව දුරටත් ඔහු දැඩි සත්කාර ඒකකයේ රඳවා තබන්නේද, ඔහුගේ පුද්ගලික රෝහලකට නිවසට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට නිර්දේශ කරන්නේද යන්න පිළිබඳ තීන්දුව ඉදිරි සතියේ ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

රෝහල් ආරංචි මාර්ගවලට අනුව එළැඹෙන සතියේ මේ පිලිබද තීන්දුවක් ගැනීමට ජාතික රෝහලේ පරිපාලන බලධාරීන් සහ ජැක්සන් ඇන්තනී මහතාට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද එකඟ වී ඇතැයි සඳහන්.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...