හරක් කටාට උදවු කළ අය හොයන්න CID මෙහෙයුමක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ හරක් කටාට රහස් පොලිසියේ රැඳී සිටි කාලය තුළ නිලධාරීන්ගේ සහය ලැබී ඇත්දැයි සෙවීමට ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ඒකකයේ සියලු නිලධාරීන්ගේ ජංගම දුරකතන වාර්තා ලබා ගෙන සියුම් පරීක්‍ෂණයක් ඊයේ(12) ආරම්භ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා රහස් පොලිසිය භාරයේ සිටියදී ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ දුරකතන දත්ත පිරික්සීම මීට පෙර ද සිදුවුණ ද, හරක් කටාට උදවු උපකාර කළ බව කියන කොස්තාපල්වරයාගේ පළා යාමත් සමග හරක් කටා සම්බන්ධ විමර්ශන කෙරෙන සෙසු නිලධාරීන්ගේ දුරකතන දත්ත වාර්තා ලබා ගෙන ඒ සැක සහිත දුරකතන අංක සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් ඊයේ දියත් කර ඇත.

කෙසේ වෙතත් හරක් කටාට උදවු කළ බව කියන සැකකාර කොස්තාපල්වරයා ඊයේ(12) හවස් වරුව වන විටත් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී නැත.

විමර්ශන නිලධාරීන් පවසන්නේ උපපොලිස් පරීක්‍ෂකවරයාගේ ගිනිඅවිය උදුරා ගැනීමෙන් පසු හරක් කටා ඔහුට උදවු කළ බව කියන මෙම කොස්තාපල්වරයා සමග පළා යාමට සැලසුම් සකස් කර තිබූ බවට මේ වන විට අනාවරණය වී ඇති බව ය.

– Theleader

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...