හරක් කටාට උදවු කළ අය හොයන්න CID මෙහෙයුමක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ හරක් කටාට රහස් පොලිසියේ රැඳී සිටි කාලය තුළ නිලධාරීන්ගේ සහය ලැබී ඇත්දැයි සෙවීමට ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ඒකකයේ සියලු නිලධාරීන්ගේ ජංගම දුරකතන වාර්තා ලබා ගෙන සියුම් පරීක්‍ෂණයක් ඊයේ(12) ආරම්භ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා රහස් පොලිසිය භාරයේ සිටියදී ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ දුරකතන දත්ත පිරික්සීම මීට පෙර ද සිදුවුණ ද, හරක් කටාට උදවු උපකාර කළ බව කියන කොස්තාපල්වරයාගේ පළා යාමත් සමග හරක් කටා සම්බන්ධ විමර්ශන කෙරෙන සෙසු නිලධාරීන්ගේ දුරකතන දත්ත වාර්තා ලබා ගෙන ඒ සැක සහිත දුරකතන අංක සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් ඊයේ දියත් කර ඇත.

කෙසේ වෙතත් හරක් කටාට උදවු කළ බව කියන සැකකාර කොස්තාපල්වරයා ඊයේ(12) හවස් වරුව වන විටත් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී නැත.

විමර්ශන නිලධාරීන් පවසන්නේ උපපොලිස් පරීක්‍ෂකවරයාගේ ගිනිඅවිය උදුරා ගැනීමෙන් පසු හරක් කටා ඔහුට උදවු කළ බව කියන මෙම කොස්තාපල්වරයා සමග පළා යාමට සැලසුම් සකස් කර තිබූ බවට මේ වන විට අනාවරණය වී ඇති බව ය.

– Theleader

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!