නිත්‍යා දේවින්දිගේ සැමියා කලා ලෝකයට දෙන සුපිරිම බ්ලාස්ට් එක – Brithsh Way Popular Awards – 2023

අපේ කලා ලෝකයට අලුතෙන්ම එන්න යන සුපිරිම බ්ලාස්ට් එක තමයි Brithsh Way Popular Awards – 2023 සම්මාන උළෙල. මේ සම්මාන උළෙලේ නිර්මාතෘ වෙන්නේ ව්‍යාපාරිකයෙක් වන ගීතාංජන ද කොස්තා. ඔහු කලා ක්ෂේත්‍රයට බෙහෙවින් ආදරය කරන්නෙක් විදියට මේ සිනමා උළෙල කාලයක් තිස්සෙ ඔහු දුටු සිහිනයක්. මෙම සිනමා උළෙලට අනුග්‍රහය දක්වන්නෙ Brithsh Way English Academy එක.

එහි මංගල සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් එළිදැක්වීමක් (Nomination Evening)පසුගිය දා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ කලාකරුවන් රාශියකගේ සහභාගිත්වයෙන් යුතුවයි.

මෙම සම්මාන උළෙලේ විශේෂත්වය එය ජනප්‍රියතම තලය පමණක් නියෝජන කරන එතෙක් මෙතෙක් ලංකාවේ එකම සම්මාන උළෙල වීමයි. ගීතාංජන ද කොස්තා ගැන කියනව නම් ඔහු මෑතක දි බොහෝ දෙනෙක් හඳුනගන්නෙ ඔහු ජනප්‍රිය රංගන ශිල්පිනී නිත්‍යා දේවින්දිගේ සැමියා වීම නිසයි.

නිත්‍යා මේ සම්මාන උළෙලට වගේම ඇගේ ආදරණීය සැමියාගේ ඉදිරි ගමනට සුභ පැතුම් එක් කරල තිබුණෙ මේ විදියට.

හීන කියන දෙවල් ඇත්ත වෙන්නත් ඕනේ.!!!
මීට අවුරුදු එකහමාරකට විතර කලින් ඔයාගෙ office room එකේදී මට කිව්ව ඔයාගෙ concept එක අද වෙද්දි ලංකාවම පිස්සු වට්ටපු සම්මාන උළෙලක් වෙලා.

මිනිස්සු මොන තරම් දේවල් කිව්වත් කොච්චර කකුලෙන් ඇද්දත් අනිත් අයට ෆැන්ටසියක් වෙච්ච ඔයාගෙ හීනේ ඔයා අද හැබෑ කරගෙන ඉන්නවා දැක්කම මට හරි සතුටක් දැනෙනවා.

ඔයා තරම් දැවැන්ත චරිතයක් නොවිච්ච නිසා ඔයාගේ සාර්ථකත්වය හෙමීට පිටිපස්සෙන් වාඩිවෙලා බලන් හිටපු මට “ඉස්සරහට ඇවිත් මගේ ලගින් ඉදගන්න” කිව්වම ඊටත් වඩා පොඩි නිහතමානී ආඩම්බරකමක් දැනුනා.

දන්න දන්න හැම සහෝදර ශිල්පියම ශිල්පිණියම “නංගි ගීත් සුපිරි වැඩකාරයෙක්, මේ වැඩේ කෙලින්ම blast එකක්” කියද්දි මටත් දීගන්න උත්තර නැතිඋනා.

ඒ හැමදේම අතරේ ගීතාංජන කියන පුද්ගලයව විශ්වාස කරලා ඇවිත් හිටපු කලාකරුවො පිරිස දැක්කම ඔයා මොනතරම් මිනිස්සුන්ගෙ හිතේ ඉන්නවද කියලා මටම පුදුමයි.

එහෙනම්, ශ්‍රී ලංකාවේ දැනට පවතින ජනප්‍රිය තලය පමණක් නියෝජනය කරන දැවැන්තම සම්මාන උළෙලේ Popular Awards නිර්මාතෘ Geethanjana De Costa ඔයාට සුබ පැතුම්.. හොඳ ගමනක් යන්න..

ඒවගේම නිර්දේශ ලාභී කලා සහෝදර සහෝදරියන්, මාධ්‍ය ක්‍රියාකාරී හිතවතුන් ඇතුලු ඔබ සියලු දෙනාටම සුබ පැතුම්..

– නිත්‍යා දේවින්දි

Latest News

More like this

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...

තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස්...

මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්...
error: Content is protected !!