තරුණයෙක් පැහැරගත් ඩිෆෙන්ඩර් රථය හිරුණිකාගේ

ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සිදු කළ කළු පැහැති ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බව කොළඹ මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා ඊයේ (14) පැවසුවා.

එම රථය භාවිත කරමින් තරුණයා පැහැර ගත්තේ යැයි කියන පුද්ගලයින් අට දෙනෙකු නඩුවේ චෝදනා පිළිගනිමින් වරද භාර ගෙන ඇති බව ද කොළඹ මහාධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළා.

එබැවින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි විභාග වන මෙම නඩුව සඳහා එම සාක්ෂි නැවත කැඳවීම අවශ්‍ය නොවන බවත් විත්තිය එම කරුණු පිළිගන්නේ නම් නඩුව කඩිනමින් විසඳීමට හැකි බවත් බණ්ඩාර මහතා පෙන්වා දී තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසින් ඔක්තෝම්බර් මස 4 වනදා මෙම නඩුව යළි විභාගයට ගැනීමට දින නියම කළා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...