ආර්ථික බංකොලොත් භාවයට හේතු කියන්න කබ්රාල් සහ වජිර එන පාර්ලිමේන්තු කාරක සභා හමුව විපක්ෂය මඟ අරියි..!

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන රට තුළ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අද (15) කැඳවා තිබේ.

2023 ජූලි මාසයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සොයා බලා සුදුසු යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එකී තේරීම් කාරක සභාව පත් කරන ලදී.

තේරීම් කාරක සභාවේ සභාපති සහ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අද දිනයේ සාක්ෂි ලබාදීම සඳහා කබ්රාල් සහ අබේවර්ධන කැඳවා ඇති බවත් ඉදිරියේදී තවත් සාක්ෂිකරුවන් රැසක් සාක්ෂි දීමට කැඳවන බවත්ය.

ඔවුන් දෙදෙනා කැඳවා ඇත්තේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසීය.

“ආර්ථිකය බංකොලොත් වූ බව කියන අවස්ථාවේ කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා වූ අතර, ඒ නිසා ඔහු ලවා අදාළ පැහැදිලි කිරීම් සිදු කිරීම ඉතා වැදගත් වේ. ඊට අමතරව රට බංකොලොත් භාවයට ගෙන යාම නීති විරෝධී බව අබේවර්ධන මහතා අවධාරණය කරයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔහුගේ මතයේ පදනම ඔහුගෙන් පැහැදිලි කර ගන්න.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තේරීම් කාරක සභා සාමාජිකයින් ලෙස පත් කර ඇති විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහි සැසිවාරයට නොපැමිණෙන නමුත් ඔවුන්ට (විපක්ෂ මන්ත්‍රීවරුන්ට) කබ්රාල්ගෙන් සහ වෙනත් සාක්ෂිකරුවෙකුගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට හැකි බවයි.

“ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා සියලු දෙනාම දැනගත යුතු වන්නේ රට බංකොලොත් වූයේ කෙසේද යන්න සහ එයට වගකිව යුත්තේ කවුරුන්ද යන්නයි. විපක්ෂයට ඒ සඳහා සැබෑ දායකත්වයක් අවශ්‍ය නම් තේරීම් කාරක සභාවට පැමිණ සාක්ෂිකරුවන් ලවා මේ කරුණු පැහැදිලි කර ගත හැකියි.”

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...