ඔහු ලාංකික ටෙලි නාට්‍යයෙහි තම අනන්‍යතාව සලකුණු කළ විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙකි. එකවර ටෙලිනාට්‍ය කිහිපයක් නිර්මාණය කරමින් එකිනෙක පරයා යන අයුරින් ප්‍රේක්‍ෂකයා තමා වෙතට නතු කර ගැනීමට ඔහුට ඇති ශක්‍යතාව ඉතා ප්‍රබලය. හාස්‍යයත්, දේශපාලනයත්, සමාජ කියැවීමත් ප්‍රේමයට මුසු කරමින් නව අරුතක් එක් කරන ඔහුගේ නිර්මාණ ප්‍රේක්‍ෂක මනස කලඹන්නේ පෙර නොවූ විරූ අයුරිනි. අද අප හා එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්.
මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරමු?
මේ දවස්වල මම මගේ රූගත කිරීම් සමඟ කාලය ගෙවනවා. වෙනදා වගේම ඉතා කාර්ය බහුල දිවියක් තමයි මම ගෙවන්නේ. කෝලම් කුට්ටම, සල්ලි පොකුරු, ඇතුල් වීම තහනම් සහ සර්කස්කාරයෝ කියන ටෙලි නිර්මාණ හතර මම මේ වනවිට රූගත කරනවා. එම ටෙලිනාට්‍ය හතරෙහි වැඩකටයුතු සමඟ කාලය ගෙවී යනවා.
සර්කස්කාරයෝ ටෙලිනාට්‍යය හැදෙන්නේ කොහොමද?
මේ ටෙලිනාට්‍යය රචනා කරන්නේ සද්ධා මංගල සූරියබණ්ඩාර. මේ නිර්මාණය කේන්ද්‍රගත වන්නේ රංගනය ගැන විශාල උනන්දුවක් තිබෙන තරුණයෙක් වටා. ගමෙන් නගරයට පැමිණිලා තම ජීවිත අරගලය සමඟ පොරබදන තරුණ පරපුර ගැන තමයි ඉන් කියැවෙන්නේ. ඔහුට රංගනය පිළිබඳව විශාල කැක්කුමක් තිබෙනවා. ඔහු සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රංගනය පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා. මේ තරුණයාගේ එකම ඉලක්කය වෙන්නේ රංගන ශිල්පියෙක් වෙන එක. ඔහු ලෝකයේ තිබෙන විශිෂ්ට වර්ගයේ සිනමාපට නරඹමින් එම චරිත අධ්‍යයනය කරමින් විශාල මහන්සියක් දරමින් රංගනය පිළිබඳව හදාරනවා. මේ අයුරින් විවිධ චරිත ලෙස ඇඳ-පැලඳගෙන පාරේ සිටින ජනී ජනයාට තම රංගන හැකියාව විහිදවමින් තමයි මේ තරුණයා මුදල් උපයන්නේ. නමුත් මේ අයුරින් මහන්සි වෙලා කෙසේ හෝ රංගනයට ප්‍රවිෂ්ට වීම තමයි ඔහුගේ එකම අරමුණ වෙන්නේ. සර්කස්කාරයයෝ කියන්නේ එවැනි කතාවක්.
කෝලම් කුට්ටම සහ නාඩගම්කාරයෝ කියන්නේ එකම කතාවක දිගුවක්ද?
නාඩගම්කාරයෝ කියන ටෙලිනාට්‍ය අවසාන වුණෙ තරගයකින්. කදුරුගොල්ල කියන ගම්මානයේ පිරිසක් සහ අම්බලන්ගොඩ කියන ප්‍රදේශයේ පිරිසක් අතර ඇතිවුණු තරගයෙන් තමයි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය අවසන් වුණේ. අවසානයේදී මාස්ටර් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි නාට්‍ය කණ්ඩායමට දිනුම ලබාදෙනවා. ඒක ජයග්‍රහණයක් නෙවෙයි. එකම වර්ගයේ නාට්‍ය දෙකක් තමයි කෝලම්කුට්ටම සහ නාඩගම්කාරයෝ කියන්නේ. මේ නාට්‍ය දෙකෙහි බොහෝදුරට සමානකම් තිබෙන්න පුළුවන්. අම්බලන්ගොඩ තිබෙන රූකඩ, වෙස්මුහුණු, කලාව ආදිය වගේම එම ප්‍රදේශය මූලික කරගත් සංස්කෘතික ජන ජීවිතය පිළිබඳව තමයි කෝලම්කුට්ටම හරහා කියැවෙන්නේ. මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය සහ කුරුඳු කර්මාන්තය පිළිබඳවත් මෙම ටෙලිනාට්‍ය තුළ කියැවෙනවා.
සර්කස්කාරයෝ විකාශය වෙන්නේ සිරස නාළිකාවේ. මොකද එකපාරටම නාළිකාව වෙනස් වුණේ?
සද්ධාමංගල සූරියබණ්ඩාරට සිරස නාළිකාවෙන් විශාල කාලයක පටන් ආරාධනා කළා, ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න. මේ ආරාධනය අනුව තමයි සද්ධා සහ මම එක් වෙලා මේ ටෙලිනාට්‍යය නිර්මාණය කළේ නැත්නම් වෙන කිසිදු ගැටලුවක් නැහැ. අපි ස්වාධීන කලාකරුවො. අපිට කිසියම් නාළිකාවකින් යම්කිසි නිර්මාණයක් සිදුකරන්න ආරාධනා කළොත් අපි එම නාළිකාව සඳහා අපේ නාට්‍යයක් නිර්මාණය කරනවා. මේක ස්වර්ණවාහිනියට ප්‍රශ්නයක් වුණෙත් නැහැ සිරසට ප්‍රශ්නයක් වුණෙත් නැහැ. අපිට ප්‍රශ්නයක් වුණෙත් නැහැ.
වත්මනෙහි අපි දකින දෙයක් තමයි බොහෝ රංගන ශිල්පීන් නාට්‍ය අතරමඟ හැර දමා යෑම. මේ දෙය ප්‍රවීණයෙක් විධියට ඔබ දකින්නේ කෙසේද?
මේක ඇත්තටම ඛේදවාචකයක්. මේ ක්‍ෂේත්‍රයට පැමිණෙන නවක පරපුරේ පිරිස් කිසිදු වගකීමකින් තොරව මම ලබන මාසයේ විවාහ වෙනවා, මම රට යනවා කියලා නාට්‍ය අතරමඟ අතහැර දමා යනවා. ඔවුන් එම ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට පෙර මේ පිළිබඳව සිතා බලන්න ඕන. විවාහ වීම, රට යෑම, වැඩමුළුවලට යෑම වගේ දේවල් තරුණ පිරිස් සිදු කරන්නේ කිසිදු වගකීමක් නොමැති අයුරින්.
මේ වගකීම් විරහිත ක්‍රියා බලපාන්නේ මේ ක්‍ෂේත්‍රයට කියල ඔවුන් සිතන්නේ නැහැ. මේ වැඩ නිසා එක පැත්තකින් නාට්‍ය කණ්ඩායමක් විධියට අපිත් අමාරුවෙ වැටෙනවා. තවත් පැත්තකින් එම නාට්‍ය විකාශය කරන නාළිකාවත් අමාරුවෙ වැටෙනවා. අවසානයේදී මේ රසවිඳපු ප්‍රේක්‍ෂකයාටත් ලොකු අසාධාරණයක් සිදු වෙනවා. ඇතැමුන් අහන දෙයක් තමයි මේ වැඩවලදී ගිවිසුම් ගහන්න බැරි ඇයි කියලා. ගිවිසුම්ගත කළා කියලා වැඩේ අතහැර ගිය නළුවා හෝ නිළිය රැගෙන එන්න බැහැ. ඊට පසුව පොලිසි ගානෙ ගිහිල්ලා, නඩුහබ ගිහිල්ලා තමයි ඒකෙ අවසානය වෙන්නේ. නමුත් මේ දෙවල් කරලා රංගන ශිල්පියා ගෙනාවා කියලා නිර්මාණයට සෙතක් වෙන්නේ නැහැ.
වත්මන් ක්‍ෂේත්‍රය තුළ නවක අධ්‍යක්‍ෂවරුන් පිළිබඳ විශාල කතාබහක් ඇති වෙලා. මෙය ඔබ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස දකින්නේ කොහොමද?
මේක ඉතා හොඳ ප්‍රවණතාවක්. හැමදාම පරණ කට්ටිය විතරක් මේ ක්‍ෂේත්‍රය තුළ ඉඳලා වැඩක් නැහැ. මේක ගඟක් වගේ ඉදිරියට ගලන්න ඕන. අලුත් නළු නිළියන්, අලුත් අධ්‍යක්‍ෂවරුන් බිහිවෙලා මේ ක්‍ෂේත්‍රය අලුත් වෙන්න ඕන. නැවුම් වෙන්න ඕන. අලුත් නිර්මාණවලින් ප්‍රේක්‍ෂකයන්ට අලුත් අත්දැකීම් ලබාදෙන්න ඕන. ඉතිහාසය පුරා සිදුවුණෙත් ඒ දෙය. ඉස්සරහට සිදු වෙන්නෙත් ඒක. ඒ දෙය නවත්වන්න, වළක්වන්න කිසි කෙනෙක්ට බැහැ. අපි හැමදාම ඉන්නේ නැහැ.
මේක දම්වැලක පුරුක් වගේ එකිනෙකට එක් වෙලා තිබෙන්නේ. මේක නවත්වලා තේරුමකුත් නැහැ. නවත්වන්නත් බැහැ. නැවුම් දේවල්වලින් බිහි වෙන්නේ නැවුම් නිර්මාණ. ඒක ඉතා හොඳ දෙයක්.
අද ලංකාවේ නිර්මාණය වන නිර්මාණ බහුතරයක් ත්‍රාසජනක ශානරය ඇසුරින් තමයි නිර්මාණය වෙන්නේ. ඔබ මෙය දකින්නේ කොහොමද?
මේක මට හරියටම කියන්න බැහැ. මොකද මට අනෙක් ටෙලිනාට්‍ය සියල්ල නරඹන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. අපේ නාළිකාවලට සහ අධ්‍යක්‍ෂවරුන්ට යම්කිසි පුරුද්දක් තිබෙනවා ඒ වකවානුවේ ප්‍රචලිත වන යම් නාට්‍යයක් තිබෙනවා නම් ඒ ආකාරයේම ටෙලිනාට්‍ය රැල්ලක් නිර්මාණය කරන්න. මේක මෙහෙමයි කියලා හරියටම උත්තර දෙන්න බැහැ.
නවක පරපුරට කියන්න තිබෙන්නේ කුමක්ද?
නවක පරපුරට ඔවදන් දීලා වැඩක් නැහැ. ඔවුන් ඉගෙන ගන්න ඕන මූලිකම දෙය තමයි වගකීම් සහිතව වැඩ කරන එක. අලුත් පරපුරේ කෙනෙක්ට චරිතයක් ලැබෙනවා කියන්නේ එය ඔහුට ඔහුගේ දිවිය ආලෝකවත් කරන්න ලැබෙන විශාල අවස්ථාවක්. අලුත් චරිතයක් ලැබුණාම එය ඉදිරියට කරගෙන ගිහිල්ලා තමනුත් හැදිලා මේ ක්‍ෂේත්‍රය සහ නිර්මාණ ආලෝකවත් කරන එක තමයි කළ යුත්තේ. ඔබට අතරමඟදී වෙන කටයුතුවලට යන්න තිබෙනවා නම් මේ ක්‍ෂේත්‍රයට එන්න එපා. මොකද එයින් වෙනත් කෙනකුගේ අවස්ථාවක් ගිලිහී යනවා.
– ගිහාන් සචින්ත