ප්‍රභූ දේවා එක්ක කොලිවුඩ් යන ලංකාවේ නිළියෝ

ඉදිරියේ දී තිරගත වීමට නියමිත කොලිවුඩ් චිත්‍රපටයක් වන “මුසාසි” චිත්‍රපටයේ රූගත කිරීමක් වෙනුවෙන් ප්‍රභූ දේවා පසුගිය දා ලංකාවට පැමිණියා.

ඒ එම චිත්‍රපටයේ ගීතයක් රූ ගත කිරීමේ අවස්ථාවකට.

අතිශය දක්ෂ සුපිරි නළුවෙක් වන ප්‍රභූ දේවා එක්ක එම ගීතයට රංගනයෙන් දායක වෙන්න ලංකාවේ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුටම අවස්ථාව ලැබිලා තිබෙනවා කියලා දැනගන්න ලැබුණා.

නවපරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන රෂී ප්‍රභා ඒ බව ඇගේ මුහුණුපොතට එක් කරල තිබුණේ මේ විදියට.

I feel i am both blessed and honoured to be featured in a song of “Musasi” up coming movie of Master @prabhudevaofficial Prabhudeva !
Dreams do come true in life ❤️

ළගදීම තිරගත වීමට නියමිත “මුසාසි”දකුණු ඉන්දීය චිත්‍රපටයේ ගීතයට මාස්ටර් ප්‍රභූ දේවා සමග රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුනා..! එවන් දැවැන්ත සුපිරි තරුවක් සමග එකට රංගනයෙන් දායක වීමට ලැබීම මාගේ රංගන ජීවිතයේ මා ලද ගෞරවයක් සහ වාසනාවක් ..!

ඒ වගේම ශ්‍රී ලාංකික සුරූපී නිළියක් වන අසංකි ද සිල්වාටත් එහි රංගනයට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉෂංකා අබේසේකර ප්‍රභූ දේවා එක්ක ගත්ත ඡායාරූප කිහිපයක්ම එයාගෙ මුහුණු පොතට එකතු කරල තිබුණා.

Latest News

More like this

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...

දලයිලාමාතුමන් ග්‍රැමී සම්මානයට නිර්දේශ වේ

අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෑතකදී උන්වහන්සේගේ Meditations: The Reflections...