අලි සබ්‍රිගේ පුතාත් UN ට්‍රිප් එකට සෙට් වෙලා

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති උත්සවයකදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි සිය පුත්‍රයා සමඟ පෙනී සිටින ඡායාරූපයකට විරෝධය පළ වෙමින් තිබෙනවා.

කලින් ට්විටර් ලෙස හැඳින්වූ X හි පළ කරන ලද පින්තූරය සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින් අතර සබ්‍රිගේ පුතා නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ නිල නියෝජිත කණ්ඩායමේ කොටසක් වූයේ කෙසේ ද යන්න බොහෝ දෙනෙක් විමසා තිබෙනවා.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති දූත පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ අමාත්‍යාංශ නොවන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඇතුළත් කිරීම ද ජනතාවගේ විරෝධයට හේතුවුණා.

ඥාතී සංග්‍රහය අපේ දේශපාලනය තුළ අලුත් දෙයක් නොවන නමුත් එම සංස්කෘතියට එරෙහිව ඇති වූ ජන අරගලය හේතුවෙන් පසු ගිය කාල සීමාවේ ප්‍රසිද්ධියේ එවැනි ඥාති සංග්‍රහයන් පැවැත්වීම වාර්තා වුයේ අඩුවෙනි.

නමුත් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී දක්නට ලැබුණේ නැවතත් එය සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන ආකාරයක්.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...