ලංකාවේ නීතිඥවරු මෝස්තර නිරූපනයට

දඩමුදල් ගෙවා ගත නොහැකිව සිරගෙවල්වල දුක්විඳින කාන්තාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා Amour Organization විසින් සංවිධානය කරනු ලබන නීතිඥ වෘත්තිකයන් පමණක් මෝස්තර නිරූපනය කරන විලාසිතා දැක්මක් Fashion for Freedom නමින් ඔක්තෝබර් 07 වෙනිදා ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි.

Fashion for freedom විලාසිතා දැක්ම විශේෂ වෙන්නේ එය ලංකාවේ නීතිඥවරු සහභාගී වන එකම විලාසිතා දැක්ම පමණක් නිසා නෙවෙයි.

එය ලෝකයෙ පළවෙනි වතාවට නීතිඥ කණ්ඩායමක් මෝස්තර නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ලෙස පෙනී සිටින එකම විලාසිතා දැක්ම වන බැවිනි.

මෙය උසාවියෙන් දඩ නියම වී දඩ ගෙවාගැනීමට නොහැකි කාන්තාවන් වෙනුවෙන් සහ මව්වරු බන්ධනාගාරගත වීම නිසා බන්ධනාගාරය තුළ සිටින දරුවන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක වන්නකි.

එහි නවීන මෝස්තර නිර්මාණකරුවන් වගේම කොළඹින් බැහැර දේශීය අත්යන්ත්‍ර මෝස්තර නිර්මාණකරුවන්ට ද අවස්ථාව හිමිවන විලාසිතා දැක්මක් වේ.

මේ සඳහා මෝස්තර නිරූපන ශිල්පි හා ශිල්පිනියන් ලෙස නීතිඥයින් 40 ක් පමණ මේ වන විටත් පුහුණු වීම්වල නිරත වන බව වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාකාරිනියක් වන නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය ද මෙම විලාසිතා දැක්මේ මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරනු ලබයි.

Latest News

More like this

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...

දලයිලාමාතුමන් ග්‍රැමී සම්මානයට නිර්දේශ වේ

අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෑතකදී උන්වහන්සේගේ Meditations: The Reflections...