තමා විවාහවූ බවට පළ වන කටකතා ගැන සායි පල්ලවි පිළිකුලෙන් කතා කරයි

තෙළිඟු, දමිළ හා මලයාලම් සිනමාවේ අතිශය ආදරයට පාත්‍රවන නිළියක් වන සායි පල්ලවි අධ්‍යක්ෂක රාජ්කුමාර් පෙරියසාමි සමඟ විවාහ වූ බවට ප්‍රකාශ වූ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වුණා.

මෙසේ වේගයෙන් පැතිර ගියේ සායි පල්ලවි සහ රාජ්කුමාර් පෙරියසම් ගෙලෙහි මල්මාලා පැළඳ සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක්.

අන්තර්ජාලයේ විශාල කොටසක් මෙම ඡායාරූපය නැවත නැවතත් බෙදාගනිමින් ඇයට සුබ පැතුම් එක් කර තිබුණා.

සායි පල්ලවි සාමාන්‍යයෙන් සැලකෙන්නේ කටකතා පසුපස නොයන නිළියක් ලෙසයි.

නමුත් සිකුරාදා සායි පල්ලවි X (Twitter) හි පැහැදිලි කිරීමක් කරමින් පැවසුවේ මෙය රාජ්කුමාර් පෙරියසාමි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇගේ මීළඟ චිත්‍රපටය වන SK 21 හි “පූජා උත්සවයේ” දී ලබාගත් ඡායාරූපයක් බවයි.

ඡායාරූපය හිතාමතා සංස්කරණය කර බෙදා හරින ලද බවට ඇය චෝදනා කර තිබෙනවා.

ඇය X හි මෙසේ ලියා තිබුණා.

“අවංකවම, මම කටකතා ගණන් ගන්නේ නැත, නමුත් එයට පවුලේ මිතුරන් සම්බන්ධ වන විට, මට කතා නොකර සිටිය නොහැකියි. මෙය මගේ චිත්‍රපටයේ පූජා උත්සවයේ පින්තූරයක් හිතාමතාම සංස්කරණය කර මුදල් ගෙවා සහ පිළිකුල් සහගත චේතනාවන් සමඟ බෙදා හරින ලද්දක්. මට මගේ වැඩ ගැන බෙදා ගැනීමට ප්‍රසන්න දේවල් මෙතරම් තිබිය දී, මෙවැනි ක්‍රියා පිළිබඳ පැහැදිලි කිරීමට සිදු වීම පිළිබඳ කණගාටුයි. මෙවැනි අපහසුතාවයක් ඇති කිරීම තනිකරම නීච ක්‍රියාවක්!”

Latest News

More like this

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...