ශ්‍රී ලංකාවේ එක ණයක් ඉවරයි

ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ඩොලර් මිලියන 22ක් පොලියක් සමඟ සම්පූර්ණයෙන් ගෙවා නිම කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙය සනාථ කරමින් බංග්ලාදේශ මහ බැංකු නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා(21) රාත්‍රියේ ශ්‍රී ලංකාව අපගේ ණය මුදලේ අවසන් වාරිකය වූ ඩොලර් මිලියන 50ක මුදල ගෙවූ බවයි.

“අපට මූලික ණය මුදලට අමතරව ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 22 ක පොලියක් ලැබුණා. ප්‍රමාදයන් නොතකා ශ්‍රී ලංකාව ණය වාරික සඳහා නිතිපතා පොලී ගෙවා තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 150 ක් ණය වාරික දෙකකින් ගෙවා දැමුවා”

ලංකාව ණය ගන්නකොට Reference rate එක ගොඩක් අඩුයි, දැන් ඒක 5%කට වඩා වැඩි වෙලා. මේ හේතු නිසා ලංකාවෙන් ලැබෙන පොලී ආදායම වැඩිවෙලා. ඊට අමතරව නියමිත වේලාවට ණය වාරික නොගෙවීම නිසා වැඩි පොලියක් ගෙවීමට සිදුවූ බවද එම නිලධාරීන් පවසා තිබෙනවා.

2021 අගෝස්තු මාසයේදී බංග්ලාදේශ බැංකුව මුදල් හුවමාරුව හරහා ශ්‍රී ලංකාවට ණය ලබා දීමක් සිදු කළා. ඒ සඳහා මාස තුනකට වරක් ණය සඳහා පොලිය ගෙවිය යුතු වුණා.

මෙම ණය ආපසු ගෙවීමේ කාලය 2022 මැයි මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණු නමුත් නියමිත වේලාවට ණය ආපසු ගෙවීමට නොහැකි වූ බැවින් ආපසු ගෙවීමේ කාලය වසරකින් දීර්ඝ කරනු ලැබුවා.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...