ඌරු හදවතක් දෙවැනි වරටත් සාර්ථකව මිනිසෙකුට බද්ධ කෙරේ

එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් මරණාසන්න රෝගියකුගේ ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඌරෙකුගේ හදවතක් සාර්ථවකව බද්ධ කර ඇතැයි වාර්තා වේ.

මෙම පරීක්ෂණය මගින් රෝගියා මෙවන් පර්යේෂණාත්මක දස්කමකට ලක් වූ ලොව දෙවන මිනිසා බවට පත් විය.

දින දෙකකට පසු, මෙම පුද්ගලයාට පුටුවක වාඩි වී විහිළු කිරීමට හැකි වූ බව සිකුරාදා (සැප්තැම්බර් 22) මේරිලන්ඩ් වෛද්‍යවරු පැවසූහ.

58 හැවිරිදි නාවික හමුදාවේ ප්‍රවීණ නිලධාරියකු වන ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත්වීමට ආසන්න තත්වයක සිටි නමුත් වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහුට සම්ප්‍රදායික හදවත් බද්ධ කිරීමක් කිරීමට නොහැකි වූ බව මේරිලන්ඩ් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් පවසයි.

ඉදිරි සති කිහිපය තීරණාත්මකව පවතිනු ඇතත්, ඌරු අවයවයට ඔහුගේ මුල් ප්‍රතිචාරය ගැන වෛද්‍යවරු තෘප්තිමත් බව වාර්තා සඳහන් කරයි.

Latest News

More like this

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...