මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයන් ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිසියට භාර වේ

මැලේසියාවේ ක්වාලාලම්පූර් හි සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී ඇතැයි වාර්තා වේ.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇති බවයි.

සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ තිබී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ සිරුරු ක්වාලාලාම්පූර් පොලීසිය විසින් පසුගියදා සොයා ගෙන තිබුණා.

මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයත් යුවළගේ පුත්‍රයා වන අතර අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවයි වාර්තා වුණේ.

ඔවුන් අවුරුදු 20ත් 40ත් අතර පසුවන්නන් බව වාර්තා වි තිබෙනවා.

එම පුද්ගලයින් පොලිතින් බෑග් භාවිතයෙන් හුස්ම හිරකර මරා දමා ඇති බව සෙන්තුල් පොලිසියේ ප්‍රධාන සහකාර කොමසාරිස් Ahmad Sukarno Mohd Zahari ඊයේ පැවසුවා.

ඝාතන පිටුපස ඇති චේතනාව පිළිබඳව පොලිසිය තවමත් තහවුරු කර නොමැති බව ද ඔහු සඳහන් කළා.

ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid පවසා ඇත්තේ එදින රාත්‍රී 11 ට පමණ නිවසක රණ්ඩුවක් ඇති වූ බවට මහජනතාවගෙන් පොලිසියට ඇමතුමක් ලැබුණු බවයි.

Latest News

More like this

මහීමා චෞද්‍රි පියයුරු පිළිකාව සමඟ කළ සටන

90 දශකයේ අගභාගයේ සුභාෂ් ගයි අධ්‍යක්ෂණය කළ පර්දේස් කියන්නේ...

සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගෙන් බහුතරය ලිංගික ශ්‍රමික රස්සාව තෝරාගෙන…

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගිකභාවයක් (Transgender Sex) සහිත පුද්ගලයින්ගෙන් සියයට...

කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට සමීප සහකරුගෙන් ලිංගික හිරිහැර

ගෝලීයව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආසන්න වශයෙන් සිය සමීප...

පුරවැසියෙක් වීම පුරුෂ ලිංගය එළියට දානවට වඩා ලොකු වැඩක්… නවසීලන්ත ජාතික තරුණියට ආචාරය

නවසීලන්ත ජාතික තරුණියගේ මේ ලස්සන වචන ටිකට පින් දෙන්න...