අනිල් කපූර් කෘතිම බුද්ධියට එරෙහිව ලබා ගත් සුවිශේෂී අධිකරණ තීන්දුව

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ නළුවකු වන අනිල් කපූර් කෘත්‍රිම බුද්ධියට එරෙහිව සුවිශේෂී නඩු තීන්දුවක් ලබාගෙන තිබෙනවා.

චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක පෙනී සිට ඇති කපූර් මෑතක දී, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දිල්ලි මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.

මෙයින් ඔහු ඔහුගේ නම, පෙනුම, කටහඬ සහ ඔහුගේ සමානත්වයේ වෙනත් ගුණාංග සහිත වීඩියෝ, GIF, සහ emoji පැතිරීම වැළැක්වීමට අවශ්‍ය නීතිමය ආරක්ෂාව අපේක්ෂා කළ බව සඳහන්.

ඉන්දීය අධිකරණ තීන්දුව ඔවුන්ගේ මුහුණේ සහ පෞරුෂයේ ආර්ථික වටිනාකම ආරක්ෂා කර ගැනීමට කැමති අය වෙනුවෙන් පූර්වාදර්ශයක් ස්ථාපිත කිරීමට උපකාරී වී තිබෙනවා.

අධිකරණය බදාදා ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දී ඇති අතර, එමඟින් අනිල් කපූර්ගේ පෞරුෂ අයිතිය පිළිගෙන, පිටස්තරයන්ට අවසරයකින් තොරව ඔහුගේ ගුණාංග “අනවසරයෙන්” භාවිත කිරීම(කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින්) වළක්වා තිබෙනවා.

මෙම නියෝගය සියලුම ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් අනිල් කපූර්ගේ අයිතිවාසිකම්වලට අදාළ බවයි වාර්තා වෙන්නේ.

අනිල් කපූර් පවසා ඇත්තේ මෙම නියෝගය මගින් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් රංගන ශිල්පීන්ගේ හැකියාවන් සොරකම් කිරීම වළක්වා ඇති බවයි.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...