මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයන් ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිසියට භාර වේ

මැලේසියාවේ ක්වාලාලම්පූර් හි සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී ඇතැයි වාර්තා වේ.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇති බවයි.

සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ තිබී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ සිරුරු ක්වාලාලාම්පූර් පොලීසිය විසින් පසුගියදා සොයා ගෙන තිබුණා.

මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයත් යුවළගේ පුත්‍රයා වන අතර අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවයි වාර්තා වුණේ.

ඔවුන් අවුරුදු 20ත් 40ත් අතර පසුවන්නන් බව වාර්තා වි තිබෙනවා.

එම පුද්ගලයින් පොලිතින් බෑග් භාවිතයෙන් හුස්ම හිරකර මරා දමා ඇති බව සෙන්තුල් පොලිසියේ ප්‍රධාන සහකාර කොමසාරිස් Ahmad Sukarno Mohd Zahari ඊයේ පැවසුවා.

ඝාතන පිටුපස ඇති චේතනාව පිළිබඳව පොලිසිය තවමත් තහවුරු කර නොමැති බව ද ඔහු සඳහන් කළා.

ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid පවසා ඇත්තේ එදින රාත්‍රී 11 ට පමණ නිවසක රණ්ඩුවක් ඇති වූ බවට මහජනතාවගෙන් පොලිසියට ඇමතුමක් ලැබුණු බවයි.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...