ඇමරිකාවේ නළුවන්ගේ ලේඛකයින්ගේ මහා වැඩ වර්ජනයේ අවදානය වෙන දිසාවකට හැරවූ මේගන් ගේ ඡායාරූප

ඇමරිකානු ටෙලි කතා මාලාවක් ලෙස සැලකෙන “Suits” රූගත කිරීම් අතරතුර මේගන් මර්කල්ගේ තිරය පිටුපස ඡායාරූප කීපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් ඇයගේ සම නළුවකු වන්ස් පැට්‍රික් ජේ ඇඩම්ස් පැය කිහිපයකට පසු එම ඡායාරූප ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

2011 වසරේ සිට 2017 වසරේ ඇය රටින් පිටව යන තුරු මෙම නාට්‍යයේ මේගන්ගේ පෙම්වතා ලෙස රඟපෑ පැට්‍රික්, මේ සතිය මුලදී ඔවුන්ගේ දර්ශනතලයේ ඡායාරූප බෙදාත් විට එය රසිකයින් අතර ආන්දෝලනයක් ඇති කළා.

කෙසේ වෙතත්, කලින් නිකුත් නොකළ දෙදරු මවගේ පින්තූර ඉක්මනින් අන්තර්ජාලයට මුදා හැරිමේන් පසු, පැට්‍රික් අභිරහස් ලෙස එය ඉවත් කළ බවයි වාර්තා වෙන්නේ.

පසුව පෙට්‍රික් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටි බවත් වාර්තා පවසනවා.

මේ වන විට ඔහු ඒවා ඉවත් කිරීමට හේතුව ලෙස පවසා ඇත්තේ හොලිවුඩ් ලේඛකයින් සහ නළුවන්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල පැවැත්වෙන මහා වැඩ වර්ජනයේ අවදානය වෙනතකට යොමු කිරීමට එය හේතු වූ බව සලකන බැවින් එම ඡායාරූප ඉවත් කරගැනීමට කටයුතු කළ බවයි.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...