කිරි පැකැට්ටුවක් සොරකම් කළ වරදට, කාගිල්ස් සේවකයින් විසින් නිරුවත් කර පහර දුන් මව කතා කරයි

පසු ගිය දා බොරැල්ල ප්‍රදේශයේ Cargils ෆුඩ් සිටියක් තුළ දී එහි සේවකයින් විසින් නිරුවත් කොට අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ කාන්තාව එම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඇය එහි දී පවසන්නේ මෙම සිදුවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල සිදු කිරීමට බොරැල්ල පොලිසියට ගිය අවස්ථාවේ එහි අපරාධ අංශයේ නිලධාරින් විසින් කාගිල්ස් ආයතනයට එරෙහිව කිසිදු පැමිණිල්ලක් සිදු නොකරන ලෙස තමන්ට බල කළ බවයි.

පෙරට්ටුවේ දී අදාළ පුද්ගලයින් හඳුනා නොගන්නා ලෙසත් එසේ සිදු කළහොත් අදාළ සමාගමෙන් රු 50,000ත් රු 100,000 ත් අතර වන්දි මුදලක් ලබා දීමට ද කටයුතු කරන බවයි ඔවුන් ඇයට පවසා ඇත්තේ.

මාධ්‍යවලට මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් ලබා දුනහොත් කුඩු චෝදනා ඉදිරිපත් කොට ඇය සිරගත කරන බවට ද පොලිසිය තමාට තර්ජනය කළ බව ඇය පවසනවා.

එමෙන්ම මෙම සිදුවීමෙන් පසු ඇය මත්ද්‍රව්‍ය ලබා ගන්නා තැනැත්තියක් බවට ඇතැම් පුද්ගලයින් කළ චෝදනා ද ඇය ප්‍රතික්ෂේප කළා.

“මම ගැහැණු කෙනෙක්. මටත් දරුවන් දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා බන්ධනාගාරගත වෙලා ඉන්නෙ. නැති බැරිකම කියන දේ මට තියෙනවා. මට උදව් කරන්න කවුරුත් නෑ, මම බස්වල නැගල හිඟාකාල පවා ජීවත් වෙලා තියෙනවා” යැයි ඇය මාධ්‍ය වෙත පැවසුවා.

එමෙන්ම අදාළ සිදුවීම වූ දින තම දරුවන්ට කිරි පිටි පැකැට්ටුවක් ගැනීමට මුදල් නොමැති නිසා ඇය එම ස්ථානයෙන් Nan වර්ගයේ කිරි පිටි පැකැට්ටුවක් සොරකම් කළ බව පිළිගන්නා බව ද ඇය මාධ්‍ය ඉදිරියේ සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...