තුන්වෙනි පාර්ශවයන් ලෙස මැදිහත් වෙන්න එපා – ශ්‍රී ලංකාව ඇමරිකාවට සහ ජපානයට පවසයි.

භූ දේශපාලනික අවශ්‍යතා සම්බන්ධයෙන් සෘජු සංවාදයකට ඕනෑම මොහොතක සම්බන්ධ වුව ද කිසිඳු තුන්වන පාර්ශ්වයක මැදිහත්වීමක් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට සහ ජපානයට දන්වා ඇති බව වාර්තා වී තිබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි පසුගිය දිනවල දී එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඇතුළු ඔවුන්ගේ නියෝජිතයන් හමු වූ විට එවැනි පණිවිඩයක් මෙම රටවලට ලබා දුන් බව ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව අමාත්‍යවරයා ද්විපාර්ශ්වික හමු මාලාවක් පැවැත්වීය.

ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඔවුන්ගේ කකණස්සල්ල සෘජුවම ප්‍රකාශ කරන ලෙස සබ්රි මහතා, මෙම රටවලින් ඉල්ලා ඇති බව වාර්තා වේ.

චීන පර්යේෂණ නෞකාවක් වන ‘Shi yan 6’ හි සැලසුම්ගත සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය සම්බන්ධ ත්‍රෛපාර්ශ්වික පීඩනයකට මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී.

නැවේ සංචාරය නොවැම්බර් මාසය දක්වා කල් තැබීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වුවද අවශ්‍ය වුවද එය ඔක්තෝම්බර් මාසයේදී සිදු කළ යුතු බව චීනය අවධාරණය කර තිබේ.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...