පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය ගේන බව කිව්වත් තවම එවැනි ඉල්ලීමක් කර නැහැ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් හි සහය ලබා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ ප්‍රකාශ කළ අතර තමන් දන්නා පරිදි එවැනි ඉල්ලීමක් නොකළ බව බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

එවැනි ඉල්ලීමක් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා දැනුම් දීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ඔවුන් දන්නා පරිදි එවැනි විධිමත් සන්නිවේදනයක් ලැබී නොමැති බව පැවසෙයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කර බෝම්බ ප්‍රහාරයේ සැඟවුණු හස්තයක් තිබේදැයි සොයා බැලීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් හි සහය ලබා ගන්නා බවයි.

බෝම්බ ප්‍රහාර පිටුපස සැඟවුණු හස්තයක් ඇති බවට කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් වාර්තා සමාලෝචනය කර අවසන් නිගමනයකට එළැඹීමට ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනයෙන් ඉල්ලා ඇති බව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

පසුගිය වසරේ කොළඹට පැමිණි USAID ප්‍රධානි සමන්තා පවර් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබුණි.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!