වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මානව සංහතිය කොවිඩ්-19 උවදුරෙන් ගලවා ගත් විද්‍යාඥයින් දෙපළකට

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නත් නිපදවීමට තුඩු දුන් mRNA තාක්‍ෂණය දියුණු කළ විද්‍යාඥයන් දෙදෙනෙකුට හිමිව තිබේ.

මහාචාර්ය Katalin Kariko සහ Drew Weissman එම ත්‍යාගය සඳහා සුදුසුකම් ලැබූ විද්‍යාඥයින් දෙපළ වේ.

වසංගතයට පෙර මෙය පර්යේෂණාත්මක මට්ටමේ පැවති නමුත් කොවිඩ්-19 බරපතල ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ඊට එරෙහිව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට මෙම තාක්ෂණය ඔස්සේ නිපදවූ එන්නත් ලබා දී ඇත.

එමෙන්ම මෙම mRNA තාක්ෂණය දැන් පිළිකා ඇතුළු අනෙකුත් රෝග සඳහා ද අත් හදා බැලීම් සිදු කරනු ලබයි.

නොබෙල් ත්‍යාග කමිටුව පැවසුවේ, නූතන යුගයේ මානව සෞඛ්‍යයට ඇති ලොකුම තර්ජනයක් අතරතුර පෙර නොවූ විරූ එන්නත් නිපදවීමේ වේගයට සම්මානලාභීන් දායක වූ බවයි.

දෙදෙනාටම අද උදෑසන දුරකථනයෙන් ජයග්‍රහණය දැනුම් දුන් බව සඳහන්ය.

මහාචාර්ය Kariko සහ Weissman 1990 දශකයේ මුල් භාගයේදී ඔවුන් එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ සේවය කරන කාලයේ සිට, mRNA කෙරෙහි උනන්දු වූ විද්‍යාඥයින් දෙපළක් වේ.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...