බිල් ගේට්ස්ට මෙච්චර සරාගී දුවෙක් ඉන්නව කියල දැනගෙන හිටිය ද..?

ප්‍රකෝටිපති උරුමක්කාරියක් වන Phoebe Gates පසුගිය දා සිය 21 වැනි උපන්දිනය නිව් යෝර්ක් නගරයේ දී සමරනු ලැබුවා. ඇය තාක්‍ෂණික දැවැන්තයෙක් සහ ප්‍රකෝටිපතියකු වන බිල් ගේට්ස්ගේ සහ ඔහුගේ හිටපු බිරිඳ මෙලින්ඩා ගේට්ස්ගේ බාල දියණියයි.

Phobe දැනටමත් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියක් උසුලන අතර අනෙකුත් සාමාන්‍ය තරුණියක් ලෙසම විලාසිතා, සරාගී සෙල්ෆි හා ඇගේ ස්ත්‍රී වාදී අදහස් බෙදා ගනු ලබයි.

පියාගේ ධනස්කන්ධයෙන් සතුටු වීමට බොහෝ දේ ඇතත් ඇගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය අන් අය වෙනුවෙන් හඬ නඟන ආකාරය පෙන්නුම් කරනවා. ඇය නිතර කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රජනන සෞඛ්‍ය, ගබ්සාව ගැන හඬ නඟන්නියක්. ඒ සඳහා Tiktok වේදිකාව ඇයගේ ප්‍රියතම මාධ්‍ය වී තිබෙනවා. කාන්තාවන්ට ගබ්සාවට ඇති අයිතිය තහවුරු කළ මෑතකාලීන නඩු තීන්දුවකට ඇය සහය පළ කළේ ඒකෙන් මගේ ශරීරය ගැන තීන්දුවක් ගැනීමට මට ඇති අයිතිය තහවුරු කළ බව කියමින්.

“හරි, මම මගේ දෙමව්පියන්ගේ දුව, එය මට විශාල වරප්‍රසාදයක් ලබා දෙනවා, නමුත් එය මා පිළිබඳ නිවැරදිම නිර්වචනය නොවේ.” ඇය වරක් සිය සමාජ මාධ්‍යයක එසේ පවසා තිබුණා.

ඇගේ පියා බිල් ගේට්ස් ඔහුගේ ආදරණීය දියණියට Instagram ඔස්සේ සුභ පැතූ අතර ඇය හැදී වැඩෙන හෘද්‍යාංගම ඡායාරූප කිහිපයක් ද බෙදා ගෙන තිබුණා. “ඔබ සැමවිටම මගේ කුඩා දියණියයි, නමුත් ඔබ විශාල දේවල් කරන ආකාරය දෙස බලා සිටීම මට කවදාවත් පුදුමයක් වුණේ නැහැ. මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි.” යනුවෙන් එහි ඇය පිළිබඳ ඇති ආදරය සටහන් කරන්නත් බිල්ගේට්ස් අමතක කරලා තිබුණේ නෑ.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...