ශ්‍රී දේවිගේ මරණයට හේතුව සුරූපී පෙනුම රැකගැනීමට අධික ලෙස ලුණු පාලනය කිරීමයි – සැමියා බොනී කපූර් පළමුවරට මාධ්‍යට කී කතාව

ජනප්‍රිය නිළි ශ්‍රීදේවි 2018 වසරේ ජීවිතක්ෂයට පත් වුණේ ඇයගේ අනපේක්ෂිත හා හදිසි මරණය ගැන සියල්ලන් තුළ කම්පනයක් ඉතිරි කිරිමිනි. ඉන්දියානු සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම කාන්තා සුපිරි තරුවක් වන ඇගේ මරණය බොහෝ දෙනෙකුට අදාහාගත නොහැකි දෙයක් වුණු අතර ඇගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ට ද ඇගේ මරණයෙන් දැඩි පීඩනයක් එල්ල වුණා.

ඇය 2018 පෙබරවාරි 24 වන දින ඩුබායිහිදී මිය යන විට 54 වැනි වියේ පසුවුණා. ශ්‍රීදේවිගේ දුක්ඛිත වියෝව ගැන මෙතෙක් නිහඬව සිටි බොනී කපූර් ප්‍රථම වරට මෑතකදී, The New Indian සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඇගේ මරණය පිළිබඳ මුළුමනින්ම විවෘත වුණා.

ඇගේ මරණයට හේතුව ඇදහිය නොහැකි තරම් දැඩි ලෙස සිය ආහාර වේලෙන් ලුණු පාලනය කිරීම බව ඔහු පවසා තිබෙනවා. “එය ස්වභාවික මරණයක් නොවන බවත් එය හදිසි මරණයක් බවත් ඇගේ මරණයෙන් පැය 24ක් 48ක් පමණ ඒ ගැන පරීක්ෂණ කර තමාගෙන් ප්‍රශ්ණ කිරීම් සිදු කළ නිසා ඉන් පසු නිහඬව සිටීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

එහිදී ඉන්දීය මාධ්‍යවලින් දැඩි බලපෑම් එල්ල වුණ අතර ඔහු සියලුම පරීක්ෂණ සඳහා මුහුණ දී සියලු දෙයින් නිදහස් වූ බව ද ඔහු පවසා තිබෙනවා.

බොනී කපූර් වැඩිදුරටත් පැවසුවේ, “ඇය නිතරම කුසගින්නෙන් පෙළෙනවා. ඇයට හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය වුණා. ඇයට අවශ්‍ය වූයේ ඇගේ පෙනුම හොඳ තත්ත්වයෙන් තබා ගැනීමටයි. එවිට තිරය මත ඇයට හොඳ පෙනුමක් ඇති බව ඇය විශ්වාස කළා. ඇය මා සමඟ විවාහ වූ දා සිට අවස්ථා කිහිපයකදීම ඇයට ක්ලාන්තය ඇති වූ අතර වෛද්‍යවරයා දිගින් දිගටම පැවසුවේ ඇයට අඩු රුධිර පීඩනය ඇති බව යැයි බොනී කපුර් පවසනවා.

ආහාර ගැනීමේ දී කළ දැඩි පාලනයන් හේතුවෙන් මීට පෙර රූගත කිරීමක් අතරතුර ඇයට දතක් අහිමි වූ බව ද ඔහු පවසා සිටියා.

නාගර්ජුන සමඟ කළ රූගත කිරීමක් අතරතුර නානකාමරය තුළ ක්ලාන්තයක් ඇති වී ඇදවැටීම හේතුවෙන් ඇයගේ දතක් ගැලවී ගිය බව ඔහු පවසා තිබෙනවා.

ඔවුන්ගේ විවාහයෙන් පසු ශ්‍රී දේවි දැඩි ආහාර වේලක් අනුගමනය කිරීමට පුරුදුව සිටි බවත්, එබැවින් ඇයගේ ආහාරයට ලුණු ස්වල්පයක් එක් කිරීමට නිර්දේශ කරන ලෙස ඔහු තම වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු මෙහි දී වැඩි දුරටත් සඳහන් කළා.

“රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවා ඇය ලුණු රහිත පිඟන් ඉල්ලා සිටියා. අවාසනාවකට මෙන්, ඇය මෙය බැරෑරුම් ලෙස සිතුවේ නැහැ” බොනී කපූර් පවසා තිබෙනවා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!