නින්ද අහිමි සේවකයින්ට සේවා ස්ථානයේම නිදාගන්න රජයෙන් මාර්ගෝපදේශ මාලාවක්..

ජපන් ජාතිකයින්ට ප්‍රමාණවත් තරම් නින්දක් නොමැති බවට මෑත කාලීන වාර්තා දෙකක් නිකුත් වීමෙන් පසු ජපානයේ සෞඛ්‍ය හා සුභසාධන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ වැඩි වේලාවක් හොඳින් නිදා ගන්නා ලෙසයි.

බොහෝ රෝගාබාධ, මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු සහ රැකියා ස්ථානයේ අඩු ඵලදායිතාවයට මූලික හේතුව නින්ද නොයාම බව විශේෂඥයෝ පෙන්වා දී තිබෙනවා.

බලධාරීන් ඔක්තෝබර් 2 වන දා සුදුසු නින්දේ ප්‍රමාණය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර වසර අවසාන වන විට මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නිකුත් කිරීමට සූදානම් බවයි වාර්තා වෙන්නේ.

ජපන් ජාතිකයන් සාමාන්‍යයෙන් රාත්‍රියකට පැය හතකුත් විනාඩි 22 ක් නිදා ගන්නා බව පෙන්වා දෙන ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් 2021 දී කරන ලද අධ්‍යයනයකින් පසු මෙම පියවර ගෙන ඇති බව සඳහන්. අධ්‍යයනයට ඇතුළත් වූ ජාතීන් 33 න් අඩුම නින්ද මෙය බව පැවසෙනවා.

ජපානයේ, පිරිමින්ගෙන් 37.5% ක් සහ කාන්තාවන්ගෙන් 40.6% ක් සාමාන්‍යයෙන් රාත්‍රියකට පැය හයකට වඩා අඩු නින්දක් ලබා ගනී.

වෙනත් වාර්තාවක් පෙන්වා දුන්නේ ඊටත් වඩා භයානක ප්‍රතිඵලයකි. සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ සහ ෆින්ලන්ත සෞඛ්‍ය තාක්‍ෂණ සමාගමක් වන Oura Health Oy හි පර්යේෂකයන් තීරණය කළේ ජපාන වැසියන් සාමාන්‍ය රාත්‍රියකට පැය 6 කට අඩු නින්දක් ලබා ගන්නා බවයි. එය වෙනත් රටවල් 34 කට සාපේක්ෂව වාර්තා වූ අඩුම අගයක් වෙනවා.

මේ අනුව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් නිර්දේශ කර ඇත්තේ වැඩිහිටියන්ට අවම වශයෙන් පැය 6ක්, කනිෂ්ඨ සහ උසස් පාසල් දරුවන් පැය 8ත් 10ත් අතර කාලයක් සහ ප්‍රාථමික පාසල් දරුවන් පැය 9ත් 12ත් අතර කාලයක් ඇඳේ සිටිය යුතු බවයි. වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ට පැය 10 සිට 13 දක්වා නින්දක් අවශ්‍ය වන අතර වයස අවුරුදු දෙකට අඩු ළදරුවන්ට පැය 11 සිට 14 දක්වා කාලයක් තිබිය යුතු බව අමාත්‍යාංශය පවසා තිබෙනවා.

එමෙන්ම ජපානයේ වැඩ කරන ස්ථානවල නිදාගැනීම දිරිමත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර එමඟින් සේවකයින්ට වැඩ කරන දිනයේ ඉතිරි කාලය සඳහා ප්‍රබෝධයක් ලබා දෙයි.

මෙම ප්‍රවණතාවය අනුව යමින්, ජපන් සමාගම් ගණනාවක් පරිපූර්ණ නින්දට පහසුකම් සැලසීම සඳහාම නිර්මාණය කර ඇති නිෂ්පාදන ද හඳුන්වා දී තිබෙනවා.

අගෝස්තු මාසයේදී, ටෝකියෝ හි හරජුකු දිස්ත්‍රික්කයේ ආපන ශාලාවක, Giraffenap නමින් හැඳින්වෙන සිටගෙන නිදාගත හැකි ස්ථාන දෙකක් නිර්මාණය කර තිබුණා. සිරස් සිලින්ඩාකාර එම විශේෂ කුටි මිනිත්තු 20ක නින්දක් සඳහා පුද්ගලයෙකුගේ හිස, පතුල, පාද මනෝවිද්‍යාත්මකව සහ කායික විද්‍යාත්මකව ලෙස තබා ගත හැකි ආකාරයේ පහසුකම්වලින් යුක්තයි.

ඔසාකා හි මූලස්ථානය වන Atex නම් තවත් සමාගමක් මෑතකදී “Afternoon Pillow” ලෙස හඳුන්වන නව කොට්ටයක් හඳුන්වා දුන්නා. එය සිදුරක් සහිත තම හිස එම සිදුර තුළට දමා මේසය මත හිස තබා ගෙන නිදාගත හැකි ආකාරයේ කොට්ටයක් බවයි පැවසෙන්නේ.

Latest News

More like this

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...

ඩොලර් මිලියන 50ක් වියදම් කර දින තුනක් මඟුල් කෑ ඇමසන් අධිපති

ඇමසන් නිර්මාතෘ, බිලියනපතියෙකු වන ජෙෆ් බෙසෝස් සිකුරාදා වැනීසියේ පැවති...

විවාහ මංගල්‍යය අතරතුර මනාළිය වෙඩි තබා ඝාතනය කරලා..

ඉරිදා අලුයම ප්‍රංශයේ කුඩා ගම්මානයක පැවති විවාහ උත්සවයකින් පිටව...
error: Content is protected !!