ඇෆ්ගනිස්ථානයට දරුණු භූමිකම්පාවක්

බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසා තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාව ඉරාන දේශසීමාවට ආසන්න බටහිර නගරයක් වන හේරත් සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් දේශීය වේලාවෙන් රාත්‍රී 11:00 ට පමණ හටගත් බවයි.

ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර, මිනිසුන් සුන්බුන් යට සිරවී ඇති බව ඇෆ්ගන් බලධාරීහු පවසනවා.

ආරම්භක භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් බලවත් අතුරු කම්පන තුනක් සිදු වු බව වාර්තා වෙනවා.

“අපි අපේ කාර්යාලවල සිටි අතර හදිසියේම ගොඩනැගිල්ල සෙලවෙන්නට පටන් ගත්තා. බිත්ති කපරාරු කඩා වැටීමට පටන් ගත්තා, බිත්ති ඉරිතැලීම් ඇති වුණා. සමහර බිත්ති සහ ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටුණා.” පදිංචිකරුවම් AFP වෙත පවසා තිබෙනවා.

භූමිකම්පාවෙන් පසු දුරකතන හා අන්තර්ජාල සම්බන්ධතා විසන්ධි වී ඇති බව සඳහන්.

තුවාල ලැබූ 70කට වැඩි පිරිසක් නගරයේ ප්‍රධාන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...