චීනයේ EXIM බැංකුව ශ්‍රී ලංකාවේ ණය බැහැර කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹේ

චීනයේ අපනයන-ආනයන බැංකුව (Export- Import Bank in Chaina) චීනය ආශ්‍රිත ණය බැහැර කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේ ශ්‍රී ලංකාව සමඟ මූලික ගිවිසුමකට එළඹුණු බව චීනයේ විදේශ අමාත්‍යාංශය අඟහරුවාදා නිකුත් කළ නිවේදනයකින් පවසා තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේදී ආපසු ගෙවීම් අත්හිටුවීමෙන් පසු සිය විදේශ ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සහ කරන ශ්‍රී ලංකාවට බීජිනය ලබා දී ඇත්තේ කුමන සහයද යන්න පිළිබඳ රාජ්‍ය මාධ්‍ය විමසුමකට ප්‍රතිචාර වශයෙන්, බීජිං හි නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාව දශක හතකට වැඩි කාලයක් තුළ එහි දරුණුතම ආර්ථික අර්බුදය හරහා ගමන් කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තවදුරටත් සහය ලබා ගැනීමට නම් ඒ සඳහා එහි විශාලතම ණයකරු වන චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතික ලබා ගැනීම අනිවාර්ය වී තිබෙනවා.

නමුත් චීනය මේ දක්වා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සාධනීය මැදිහත්වීමක් කර තිබුණේ නැහැ.

EXIM බැංකුව සැලකෙන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දෙන ඉහළම චීන මූලාශ්‍රය ලෙසයි. මේ අනුව පැහැර හරින ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපේක්ෂාවන් ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

IMF දෙවන වාරිකය වන ඩොලර් මිලියන 330 ක වාරිකය විවෘත කිරීමටත්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් අයවැය ආධාරක ණය සඳහා අඛණ්ඩව සුදුසුකම් ලැබීමටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි ප්‍රගතියක් ලබා දිය යුතු බව සඳහන්.

Paris Club නමින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන් සමඟ ද චීනය කතා කරන බව වැඩි දුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...