අමිතාබ් බච්චන්ගේ 81 වැනි උපන්දිනයට රසිකයින්ගෙන් මල් වැස්සක්

අමිතාබ් බච්චන් අද (11) සිය 81 වැනි උපන්දිනය සැමරුවා. වාර්ෂික චාරිත්‍රයට අනුව, ඔහු දැක බලා ගැනීමට දහස් ගණනින් රසිකයන් මුම්බායි හි ඔහුගේ නිවස වටා එක් වී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පියාට ඔවුන්ගේ රසිකයන් සලකන්නේ දෙවියෙකුට නොඅඩු ආකාරයෙනි. එය ඔප්පු කරමින් ඔහුගේ රසිකයෝ මල්මාලා සහ මල් සමඟ ඔහුගේ මුම්බායි නිවස වන ජල්සා දොරටු වෙත ළඟා වූ බවයි වාර්තාවල දැක්වෙන්නේ. බච්චන්, ඔහුගේ රසිකයින්ට ආචාර කිරීමට නිවසින් පිටතට පැමිණි බව සඳහන්.

පැපරාසි වීඩියෝවක දැක්වෙන්නේ අමිතාබ් බච්චන් සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසී වේදිකාවක් මත සිටගෙන සිටින ආකාරයයි. ඔහු දෑතින්ම රසික රසිකාවියන්ට ආචාර කරන අතර සෑම දෙනාටම අත වනමින් ආචාර කරන ආකාරය දිස්වෙනවා. පැමිණි සියලු දෙනා වෙනුවෙන් ඔහු ස්තූතිවන්ත වන ආකාරය ද එම දර්ශනවලට ඇතුළත්.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...