ඇෆ්ගන් පිතිකරු තරඟයේ වීරයා සම්මානය ලබාගෙන පාකිස්තානයෙන් පිටුවහල් කළ මව්රටේ මිනිසුන් වෙනුවෙන් කළ කතාව

පාකිස්තානයට එරෙහිව ඊයේ (23) පැවති ලෝක කුසලාන තරඟයේදී සිය කණ්ඩායම සංවේදී ජයග්‍රහණයක් කරා ගෙන ගිය ඇෆ්ගනිස්ථාන පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන්, තරඟයේ වීරයා සම්මානය තම රටේ ජනතාවට මෙන්ම පාකිස්තානයෙන් පිටුවහල් කරන ඇෆ්ගනිස්ථානුවන්ටද කැප කරන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.

“පකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයට යවන ලද පුද්ගලයින් වෙනුවෙන් මට මේ සම්මානය පුද කිරීමට අවශ්‍යයයි” සම්මානය ලබා ගනිමින් සද්‍රාන් පැවසුවා.

සද්‍රාන්ගේ ප්‍රකාශය පැමිණෙන්නේ නොවැම්බර් 1 වනදා වන විට සියලුම ලේඛනගත නොකළ සරණාගතයින්ට රට හැර යන ලෙස පාකිස්තානයෙන් ඉල්ලා සිටින පසුබිමකයි.

මෙම තීරණය පාකිස්තානයේ වෙසෙන ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයින් මිලියන 1.7 කට ආසන්න සංඛ්‍යාවකට බලපා ඇතැයි පැවසෙනවා.

මෙම නිවේදනය තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානයේ දැඩි විවේචනයට ලක් වූ අතර කාබුල් එය “පිළිගත නොහැකි” ලෙස නම් කර තිබෙනවා.

සද්‍රාන්ගේ ප්‍රකාශය X සමාජ වේදිකාවේ බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට හේතුවුණා.මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය කිරීමෙන් පසු පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් සිදු කළ පලස්තීන හිතවාදී ප්‍රකාශය සමඟ පවා සංසන්දනය කරනු දක්නට ලැබුණා.

ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් (65) සමඟ සද්‍රාන් ආක්‍රමණශීලී ලකුණු 130 ක ආරම්භක සබඳතාවයක් ගොඩ නැගූ අතර එය පාකිස්තානයේ වේගය සහ දඟ පන්දු යැවීමට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ ලකුණු 283 හඹා යාම සංවිධානය කිරීමට උපකාරී වුණා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...