ලලිත් කොතලාවලගේ මරණය පිළිබඳ සැකයක් – බිරිඳ දේහය එපා කියයි

අභාවප්‍රාප්ත ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් සැක මතු කරමින් ඔහුගේ බිරිඳගේ සොහොයුරිය කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අභාවප්‍රාප්ත ව්‍යාපාරිකයාගේ දේහය ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දු මහත්මිය වෙත භාර දෙමින් එය බොරැල්ල කනත්තේ මිහිදන් කරන ලෙසට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.

සිසිලියා කොතලාවල මහත්මිය සිය සැමියාගේ දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර වැඩිමහල් සොහොයුරිය වන ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දු මහත්මියට භාරදීමට එකඟ වූ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැන්වීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය දේහය ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දු වෙත මුදා හැර තිබෙනවා. ඇය පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ මියයන විට තම සහෝදරියගෙන් වෙන්ව ජීවත්ව සිටි නිසා මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහු භාවිත කළ ඖෂධ, ඖෂධ නියම කළ සහ ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පිළිබඳව කිසිවක් නොදන්නා බවත් මේ තොරතුරු දැනගැනීම අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණය ඉරිදා පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු ඉදිරියේ පැවැත්වුණා. මරණකරුගේ වම් පෙණහලුවල සැරව නිසා සහ හදවත විශාල වීමෙන් මරණය සිදු වූ බව තීරණය කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරීන් විවෘත තීන්දුවක් ලබා දුන්නා.

මියගිය පුද්ගලයාගේ බාහිර තුවාල කිසිවක් නොමැති බවත් ඔහු මිය යාමට පෙර නිසි ඖෂධ ලබාගෙන ඇති බවත් වෛද්‍යවරුන්ගේ නිගමනය වූ බව සඳහන්.

කොතලාවෙල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 84 වැනි වියේ පසුවූ ඔක්තෝබර් 21 වැනිදා අභාවප්‍රාප්ත වුණා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...