තවත් ප්‍රාණ ඇපකාරිනියන් දෙදෙනෙක් හමාස් සටන්කාමීන්ට අතට අත දෙමින් හෘදයාංගමව සමුගත් ආකාරය

හමාස් හමුදා අංශය ඊශ්‍රායලය වෙත හදිසි ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු සති දෙකක කාලයක් ඔවුන්ගේ ග්‍රහණයේ සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කරන වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

මෙම වීඩියෝ පටයේ, ප්‍රාණ ඇපකරුවන් වන Nurit Cooper සහ Yocheved Lifshitz යන දෙදෙනාම රතු කුරුස සංවිධානයට භාර දෙන ආකාරය දක්නට ලැබෙනවා.

දම් පැහැති දිගු ගවුම්වලින් සැරසී සිටි ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනා රතුකුරුස සංවිධානය වෙත භාර දෙන අවස්ථාවේ එක් කාන්තාවන් මුව ආවරණය කරනු ලැබූ හමාස් සටන්කාමියකුගේ දෑත් අල්ලා ඔහුට සමුදෙන ආකාරය එහි සටහන් වී තිබෙනවා.

එම වීඩියෝවේ, සටන්කාමීන් ඔවුන් දෙදෙනාටම සුලු කෑම සහ බීම ලබා දෙන ආකාරය ද දැක්වුණා. වීඩියෝ පටයේ බොහෝ කොටස් වල දකින්න ලැබුණේ කාන්තාවන් දෙදෙනාම බියට පත් වී ඇති බවක්.

මෙම නිදහස් කිරීම සිදු වූයේ ඇමරිකානු මව සහ දුව ඔවුන්ගේ ග්‍රහණයෙන් නිදහස් කළ දින කිහිපයකට පසුවයි.

Cooper සහ Lifshitz නිදහස් වූ පසු, ඔවුන් වහාම හෙලිකොප්ටරයකින් ටෙල් අවිව්හි රෝහලකට රැගෙන යාමට බලධාරීන් කටයුතු කළා. ඔවුන් සෞඛ්‍ය සම්පන්නව සිටින බව රෝහලේ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කර ඇතත්, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව අවබෝධය පසුව ලබා ගත යුතු බව බලධාරීන් පවසනවා.

ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාම ඖෂධ ලබාගෙන සිටි අතර, ඔවුන් අත්අඩංගුවේ සිටියදී සති දෙකක කාලයක් ඖෂධ ඉවත් කර ඇති බවයි බලධාරීන් විශ්වාස කරන්නේ.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...