අරගල භූමියේ තිබුණු ගණිකා නිවාස ගණන එස්. බී. කියයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අන්තර්ජාතික ආයෝජකයන් පැමිණීම වැළැක්වුණේ පසු ගිය කාල සීමාවේ පැනනැගුණු පොදු ජන අරගලය හේතුවෙන් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී දේශපාලන වැඩසටහනක් අතරතුරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබු අරගල භූමියේ ගණිකා නිවාස හතක් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා වෙනම ස්ථාන පැවති බව ද ඔහු මෙහි දී පැවසුවා.

අරගලය පැවති එම භූමියට නිරන්තරයෙන් තම කණ්ඩායම් පිටත් කර යැවූ බවත් ඔවුන් එහි නායකයින් සමඟ පවා සාකච්ඡා පැවැත්වු බව එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා

Latest News

error: Content is protected !!