දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ වට්ස්ඇප් ඔස්සේ අලෙවි කරන ශ්‍රී ලාංකික කණ්ඩායමක් පිළිබඳ ජ්‍යාත්‍යන්තර සංවිධානයක් තොරතුරු හෙළි කරයි – ළමා හා කාන්තා කාර්යංශය ඉන්පසු අවදි වෙලා

කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යාත්‍යන්තර සංවිධානයක් විසින් ළමා හා කාන්තා කාර්යංශය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම කාර්යංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත ඊයේ (24) දිනයේ කරුණු වාර්තා කර සිටියා.

ශ්‍රී ලාංකික පුද්ගලයින් කිහිප දෙනෙක් මෙසේ කුඩා ළමුන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින්නේ වට්ස්ඇප් සමූහය මාර්ගයෙනි.

අවුරුදු දෙක තුන පහ හා හත යන වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික හා අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝ රු 1000 සිට රු 3000 දක්වා මුදලට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් මෙවැනි අසභ්‍ය වීඩියෝ හුවමාරු කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අවශ්‍ය නියෝග කීපයක් නිකුත් කරන ලෙස කාර්යංශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...