ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව ඊශ්‍රායලය පවසයි

සති තුනකට ආසන්න කාලයක් ඊශ්‍රායල බෝම්බ හෙලීමට සහ වටලෑමට ලක්ව ඇති ගාසා තීරයේ රාජකාරීවල නිරත මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධාන වන රොයිටර්ස් සහ ඒ.එෆ්.පී පුවත් සේවාවන් වෙත පවසා තිබේ.

රොයිටර්ස් සහ ඒ.එෆ්.පී පුවත් සේවාවන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා(Israel Defense Forces – IDF) මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 7දා ගාසා දේශසීමාව හරහා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු පලස්තීන ප්‍රදේශය බෝම්බ හෙලීමට ලක්ව ඇත.

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 7,300කට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

අදාළ පුවත් සේවාවන් ඉල්ලා ඇත්තේ තම පුවත් සේවාවන් සහ සෙසු මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, තම ප්‍රහාරයන් හමාස් හමුදා ඉලක්ක වෙත එල්ල කරන අතර එහිදී අවට ප්‍රදේශවලට ද හානි සිදුවිය හැකි බවය.

එමෙන්ම හමාස් සංවිධානය ද අත්වැරදීමකින් වෙනත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අල්ජසීරා නාලිකාවේ මාධ්‍යවේදීයෙකුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණි.

ගාසා තීරයේ ගැටුම්වලින් මේ වන විට මාධ්‍යවේදීන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“මෙම තත්වයන් යටතේ, අපට ඔබගේ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි අතර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස දැඩි ලෙස ඉල්ලා සිටිමු” යනුවෙන් ලිපිය අවසන් කර ඇත.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...