ලන්සා හෙරොයින් සහ ගංජා පිළිබඳ ප්‍රවීණයෙක් – මහින්ද පරාජය වුණේ ඔහුව ආරක්ෂා කළ නිසා.. සනත් නිශාන්තගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ඔහු ගංජා සහ හෙරොයින් පිළිබඳ ප්‍රවීණයෙක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා තිබෙනවා.

මෙම විෂයයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක දී අනිවාර්යයෙන් ලන්සාගේ ප්‍රවීණත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අභිබවා යන බව පැවසූ ඔහු වැඩිදුරටත් පැවසුවේ නාමල්ට ඒ පිළිබඳව දැනුමක් නොමැති බවයි.

ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට ලන්සා ප්‍රධාන සාධකයක් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළා.

මත්ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය ලන්සාගේ නිවස වැටලීමේ විශේෂ සිදුවීම සහ ඔහු ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත් වූ බවට චෝදනා එල්ල වූ අතර මෙම මැදිහත්වීම මහින්ද රාජපක්ෂගේ පරාජයට සෘජුවම බලපෑ බව රාජ්‍ය ඇමති සනත් නිශාන්‍ත වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...