‘පුද්ගලික වෛද්‍ය උපාධි එපා..’ විරෝධ කල වෛද්‍ය සිසුනට කදුළු ගෑස්..

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (27) සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලිසිය අවස්ථා දෙකක දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

‘වෙද උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු’ යන මැයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මෙම පාගමන සංවිධානය කර තිබිණි.

කොළඹ මහවැලි කෙන්ද්‍රය අසලින් මෙම පාගමන ආරම්භ විය.

එහි සිට විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙසට ගමන් ආරම්භ කළ අතර, විරෝධතාකරුවන්ට විසිර යන ලෙසට පොලීසිය නිවේදනය කළ ද එය නොතකා ඔවුන් ඉදිරියට ඇදීමේ දී පොලිසිය ඔවුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

එම ප්‍රහාරය හමුවේ විහාර මහාදේවි උද්‍යානය හරහා ප්‍රධාන මාර්ගයට පැමිණි ඔවුන් යළි මහවැලි කේන්ද්‍රය අසලට විත් පාගමන ආරම්භ කිරීමට උත්සාහ කළේය.

විරෝධතාව අතරතුර දී පොලිසිය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඇතුළු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...