ආණ්ඩුව පෙරළන බවට ජාතික ජන බලවේගයෙන් අනතුරු ඇඟවීමක්

මාළිමාවේ නායකයන් අත්අඩංගුවට ගැනීමක් සිදු කළොත් එදාට ආණ්ඩුව නිසැකවම ගෙදර යවන බවට ජාතික ජන බලවෙිගයෙ විධායක කමිටු සාමාජික මහින්ද ජයසිංහ මහතා පවසා තිබෙනවා.

මාළිමාවේ නායකයන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳව ආණ්ඩුව තුළ සිදුවුන කුමන්ත්‍රණයන් පිළිබඳව යම් යම් තොරතුරු වාර්තා වෙමින් පවතින බවයි ඔහු පැවසුවේ.

ඔහු මේ බව පැවසුවේ අන්තර්ජාල නාළිකාවකට සාකච්ඡාවක් ලබා දෙමින්.

ආණ්ඩුවට එරෙහිව මහ පාරට බසින ජනතාවට සහ සිය අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් මහ පාරට බසින ගුරුවරුන් මෙන්ම වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමට ආණ්ඩු උත්සාහ දරමින් සිටින බව ඔහු පවසනවා.

ඉදිරියේ දී ආණ්ඩුව මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් ජාතික ජන බලවේගය මහපාරට බැස ජනතාව සමඟ මැතිවරණයක් දිනාගැනීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

More like this

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...

දේශපාලන වෙනසක් ගැන රනිල් ඉඟි කරයි..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් දේශපාලන පෙරළියකට සුදානම්...