චීන නෞකාවට ශ්‍රී ලංකාවේ බටහිර මුහුදේ පර්යේෂණ කිරීමට අවසර ලැබේ

චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6 නෞකාවට ඔක්තෝබර් 30 සහ 31 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ බටහිර මුහුද සමීක්ෂණ සිදු කිරීමට අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් සමඟ එක්ව සාගර සමීක්ෂණය සිදු කරන බවයි.

“ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නිලධාරීන් නිරීක්ෂකයින් ලෙස Shi Yan 6 නෞකාවේ රැඳී සිටින බව ද වාර්තා වෙයි.

චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6 පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි නැංගුරම් ලනු ලැබීය.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...