මස් නොකන අඬු සහ හොදි කන නිර්මාංශික ත්‍රිකලා

නිරූපන ශිල්පිනියක් වගේම නිරූපන ක්ෂේත්‍රයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන ත්‍රිකලා ධරණි යූ ටියුබ් නාළිකාවක් සමඟ කරනු ලැබූ සාකච්ඡාවක් අතර තුර කරනු ලැබූ ප්‍රකාශයකට මේ වන විට සමාජ මාධ්‍යවල විශාල අවධානයක් ලැබී තිබෙනවා.

තමන් වසර 25 ක්තිස්සේ නිර්මාංශ බවත් ඇගේ දරුවා ලැබීමට සිටියදී පවා එම ආහාර වලින් වැළකී සිටි බව ත්‍රිකලා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළා. නමුත් මෑතක දී මස් මාංශ අනුභව කිරීමේ දී පිළිපැදිය යුතු ආචාර ධර්ම ගැන ඇය විසින් කළ වීඩියෝවක දී ඇය මස් කන ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. මේ හේතුවෙන් ඇගේ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි ලෙස හාස්‍යට හේතු වී තිබෙනවා. එම ප්‍රකාශය සුළු මොහොතකින් වෙනස් කර ඇය මස් අනුභව කරන්නෙ නිවසින් පිටතට ගිය අවස්ථාවල පමණක් බවට නිවැරදි කිරීමක් ද සිදු කළා.

ඇගේ ආචාර ධර්ම උගන්වනු ලබන වීඩියෝ කිහිපයක් හේතුවෙන් ත්‍රිකලා මෑතකාලයේ සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් කතා බහ කරන චරිතයක් බවට පත් වුණා. ප්‍රසිද්ධ තැන්වල අයිස්ක්‍ර්‍රීම්, මස් මාංශ අනුභව, කෙසෙල් අනුභව කරන්න ඕන විදිය කියල දෙන්න ඇය කරපු උත්සහයන් බොහෝ දෙනෙක් හාස්‍යට ලක් කළා. ඒත් ඇය නම් කියන්නෙ සමාජයට ගිහින් හැන්දයි ගෑරුප්පුවයි අල්ලනකොට ඇගේ නම මතක් වෙන තරමට ඒ දේවල් හැමෝටම ඕන වෙලා තියෙනව කියලයි.

කොහොම නමුත් ඇය සමාජයේ බොහෝ අයට වඩා ඉක්මණින් නිර්වාණයට පැමිණෙනු ඇති බවත් දැනටමත් ඒ මාර්ගයේ ගමන් කරමින් සිටින බව ද මෙම සංවාදයේ දී පැවසුවා.

Latest News

More like this

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...