විස හතු වර්ගයක් ලබා දී පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඕස්ට්‍රේලියානු කාන්තාවක් අවස්ථා හතරකදී තම හිටපු පෙම්වතා ඝාතනය කිරීමට තැත් කළ බවටද චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
මිනීමැරුම් තුනක් සහ මිනීමැරීමට තැත් කිරීම් පහක් සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ 49 හැවිරිදි එරින් පැටර්සන් (Erin Patterson) නම් කාන්තාවකටයි. මිනීමැරුම් චෝදනා එල්ල වූයේ ජූලි මාසයේදී Victoria ප්‍රාන්තයේ Leongatha නගරයේ පිහිටි ඇගේ නිවසේ දී පැවැත්වූ පවුලේ දිවා ආහාරය සම්බන්ධයෙනි.
ඇය දිගින් දිගටම ඇගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී සිටි අතර සිකුරාදා අධිකරණයේ පෙනී සිටීමෙන් පසු ඇගේ නඩුව මැයි 3 දක්වා කල් තබනු ලැබීය. ඒ පොලිස් සෝදිසි කිරීමකදී ඇගේ නිවසින් අත්අඩංගුවට ගත් පරිගණක උපකරණ විශ්ලේෂණය කිරීමට නඩු පවරන්නන්ට කාලය ලබා දීම සඳහා ය.
Leongatha සිට 60ක්ම් (37 සැතපුම්) පමණ දුරින් Morell නම් කුඩා නගරයේ මිනිසුන් සහ මාධ්‍ය දුසිම් ගණනින් ඇය උසාවිය වෙත ගෙන යන මාර්ගයේ රැඳී සිටිය බව මාධ්‍ය වාර්තා පවසයි. නමුත් කැමරාවලට සහ කුතුහලයෙන් සිටි ප්‍රදේශවාසීන්ට පැටර්සන් දැක බලා ගැනීමට හැකියාවක් නොලැබුණු අතර ඇය ඇගේ පොලිස් සිරමැදිරියේ සිට සම්බන්ධක උමං මාර්ගයක් හරහා උසාවි ගොඩනැගිල්ලට ගෙන ගිය බව වාර්තා වේ.
සිකුරාදා ප්‍රාදේශීය මාධ්‍ය වෙත නිකුත් කරන ලද උසාවි ලේඛනවල, පැටර්සන් මහත්මිය 2021 නොවැම්බර් සහ 2022 සැප්තැම්බර් අතර තුන් වතාවක් ඇගේ අනියම් සැමියා සයිමන් පැටර්සන් මරා දැමීමට උත්සාහ කළ බවට පොලිසිය චෝදනා කරයි.
චෝදනා කරන ලද සිව්වන උත්සහය අතර ඇය ඔහුගේ දෙමව්පියන් ඇතුළු සිව් දෙනෙක් වෙත දිවා ආහාරයක් ලබා දී ඇති අතර එදින ඇගේ පෙම්වතා වන සයිමන් පැටර්සන් කෑමට සහභාගි වූයේ වී නැති බව සඳහන් වේ.
එරින් පැටර්සන් පවසා ඇත්තේ තමන් සුපිරි වෙළඳසැලකින් මිලදී ගත් හතු සහ මාස කිහිපයකට පෙර ආසියානු වෙළඳසැලකින් මිලදී ගත් වියළි හතු මිශ්‍රණයක් භාවිතා කර මෙම ආහාරය සෑදූ බවයි.පසුව ඇයගේ අමුත්තන් හතර දෙනාම දරුණු රෝගාබාධ වාර්තා කිරීම නිසා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
දින කිහිපයක් ඇතුළත ඔහුගේ දෙමව්පියන් ඇතුළු ඔවුන්ගේ ඥාතීන් අතරින් එක් අයෙකු මිය ගොස් ඇති අතර අනෙකා බරපතල අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බව වාර්තා වේ. ඔවුන් හතර දෙනා ආහාරයට ගෙන ඇත්තේ මරණීය හතු වර්ගයක් බව පොලිසිය හඳුනාගෙන ඇත. පැටර්සන් මහත්මිය සැකකාරියක් ලෙස නම් කරනු ලැබුවේ ඇය සහ ඇගේ දරුවන් දෙදෙනා දිවා ආහාරයෙන් පසුව නිරුපද්‍රිතව සිටීම හේතුවෙනි.