“ඔබේ සොල්දාදුවන් කළු බෑග්වලින් නැවත පැමිණෙනු ඇති” හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට පණිවිඩයක්

ගාසා තීරයේ ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව හමුදාව ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව හමාස් සන්නද්ධ බලකායේ ප්‍රකාශක අබු උබයිඩා (Abu Ubaida) පවසා තිබේ.

“ඔබේ සොල්දාදුවන් කළු බෑග් වලින් ආපසු පැමිණෙනු ඇත,” ඔහු අවධාරණය කර ඇති බව වාර්තා පවසයි.

ඊශ්‍රායල දත්ත වලට අනුව, සිකුරාදා සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කිරීමෙන් පසු ඊශ්‍රාලයට සොල්දාදුවන් 18 දෙනෙකු අහිමි වී ඇති අතර හමාස් සටන්කාමීන් දුසිම් ගණනින් මරා දමා ඇත. ඒ අතරට හමාස් නායකයින් කිහිප දෙනෙක්ම ඇතුළත්ය.

ඊශ්‍රායල හමුදා ඉංජිනේරුවන්ගේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් ඉඩෝ මිස්රාහි රොයිටර් පුවත් සේවයට කියා සිටියේ ඊශ්‍රායල හමුදා උමං මාර්ගවල පතල් සහ මර උගුල් වලට මුහුණ දෙමින් සිටින බවයි.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...