ක්‍රිකට් කෑව සභාපති පුටු බේරගන්න දන්න දහංගැට ඔක්කොම ගහයි – ජනපති හමුවෙන්නත් දඟලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින වාතාවරණය හමුවේ ක්‍රිකට් ආයතනය සහ ජාතික තේරීම් කමිටුව ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වී සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

එමගින් පෙන්වාදී ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බවද එම ලිපියෙන් පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ දූෂණ චෝදනා හමුවේ ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඉල්ලා අස්වන ලෙස සමාජයෙන් පීඩනයක් එල්ලවෙමින් පවතින පසුබිමක ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය වෙත පදනම් විරහිත සහ සාවද්‍ය චෝදනා එල්ල කරන බව ද අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...