උමංදාවෙන් කෝටි ගණනක් වටින රෝහලක්

රට ගොඩ නැගිය හැකි ආර්ථික මොඩලයක් ලෙස හඳුන්වනු ලබන පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ සංකල්පයකට අනුව ඉදි කරන ලද උමංදාව පරිශ්‍රයේ උමංදාව මහෞෂධ රෝහල නමින් රෝහලක් ඉදි කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙය කෝටි ගණනක ආයෝජනයක් බවත් වැඩිහිටියන් සඳහා ප්‍රතිකාර ලබා දෙන රෝහලක් ලෙස එය ගොඩ නඟන බවත් පිටිදූවේ සිරිධම්ම හිමියන් පැවසුවා.

මෙම රෝහල එළැඹෙන 18 වෙනිදා ජනතා අයිතියට පත් කරන බවත් උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

කෘෂි විප්ලවයක් සිදු කරන භූමියක්, කර්මාන්ත ගණනාවකින් සමන්විත පුරවරයක් ලෙස ඉදිවෙමින් පවතින උමංදාව මෙම රෝහල ඔස්සේ පරිපූර්ණ කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...